ඉල්ලා අස්වන්නේ නෑ.. හැකිනම් අස්කරනු..- ඇමති විජේදාස ගලඋඩ සටන කැදවයි..

August 18, 2017 at 10:00 am | lanka C news
ඉල්ලා අස්වන්නේ නෑ.. හැකිනම් අස්කරනු..- ඇමති විජේදාස ගලඋඩ සටන කැදවයි..

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එය පිලිගෙන සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස පසුපෙල අසුන් ගන්නා බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට දනවා ඇතැයි වාර්තා වෙයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් දැනට දරන අධිකරණ හා බුද්ධශාසන ඇමති දුරයට වඩා බලවත් ඇමති තනතුරක් ලබා දෙන බවට එජාප බලධාරීන්ගෙන් වූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමතිවරයා මේ බව දන්වා ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්නොවුවහොත් ඔහු ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වන අතර ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද ඊට සූදානමක් ඇති බවක් මේ වන තෙක් වාර්තා නොවෙයි.

ඉවත් කල හැකි අනෙක් ක‍්‍රමය වන්නේ විශ්වස භංගය වන අතර එම ක‍්‍රියාමාර්ගයද දැඩි අවදානම් තත්වයකට වැටී ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය මෙන්ම ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශවයද දැනටමත් ඊට විරෝධය පල කර ඇති බැවිනි.

152 views

24 Comments to “ඉල්ලා අස්වන්නේ නෑ.. හැකිනම් අස්කරනු..- ඇමති විජේදාස ගලඋඩ සටන කැදවයි..”

  1. kate says:

    We Salute you Mr. Wijedasa. Whatever so called positions, status or benefits you loose, you will win the heart of poor people in this country. Please get back Hambanthota harbor in near future for us, for our future generation.

  2. lasith says:

    Ane ban umbala kochchara bankolothda kiyala hithenawa….den Wijedasayawa kare thiyagaththama

  3. බලලාට අසුවූ මීයා says:

    මොන පිසසුද රත්තරං. පුසාට අහුවුණු මියා කොච්චර දෑගැලුවත් අන්තිමට උගේ බඩේ තමා. යටියන්තොට හිටිය මුදල් ඇමති තුමා සිරිමක්ක ගහලා තමා එලියට දැම්මේ.

  4. hitan gedara appuhami says:

    මොහුගේ අනාගත බලාපොරොත්තු, සැලැස්මවල් මොනවා වුනත් කොන්ද කෙලින් තියාගෙන අර පර සුද්දට දීපු ටෝක් එකටයි,බුදු දහම වෙනුවෙන් පෙනී සිටීමයි හේතුවෙන් මෙම අවස්ථාවේ අපි ඔබ සමග සිටිනවා, .හැබැයි පා.ච.කෙනෙක් වත් කලවැද්දෙක් වත් වෙන්න එපා. හරි වෙලාවට හරි පැත්තේ හිට ගන්න
    තවත් වැදගත් රාජකාරියක් තිබෙනවා ඔබතුමාට ඉෂ්ට කරන්න. ව්‍යවස්ථාදායකය, අධිකරණය,විධායකය හා සමාන බලතල සහිතව සඟ රාජ තනතුරක් ඇතිකිරීමට කටයුතු ආරම්භ කරන්න.මේ ඉන්න අගමැතිවත් UNP එක වත් එකට ඉඩ දෙන එකක් නැහැ. නමුත් ආරම්භයක් ගන්න.බුදු දහම සුරක්ෂිත කිරීමට සහ මේ රට මිත්‍යදෘස්ටිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නම් අපිට පුර්ණ බලතල සහිත සඟ රාජ උතුමෙකු අවශ්‍යයි. මේ දඹරය වගේ අය එලවන්නත් එවැනි බලගතු බලය සහිත තනතුරක් පිහිටුවිය යුතුයි.
    අපි ඔබට සුබ පතනවා.

  5. ක්‍රමය says:

    විජේදාස ඔබට ජයවේවා !!!

Main News