ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න…

June 9, 2019 at 10:00 am | lanka C news
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න…

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්  (08) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

එසේ තනතුරු වලින් ඉවත් වීමට හේතු සාධක ඔවුන් ඉදිරිපත් කළද එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

එම ක්‍රියාව තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බවද මොනම අවස්ථාවකදීවත් ජාතිවාදය රටතුළ ඇවිලවීමට කිසිවෙකුටත් නොදිය යුතු බවද එතුමා අවධාරණය කළේය.

විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් මෙහිදී ඔවුන් විපක්‍ෂ නායකතුමා වෙත පැවසූහ.

මෙම අවස්ථාවේදී ගරු විපක්‍ෂ නායකතුමා තවදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයින් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවයි.

ඉන් පසු අනෙකුත් ජාති ආගම් නියෝජනය කරන ජනතාව  මුස්ලිම් නායකයින් විශ්වාස කිරීමට පටන් එළඹෙන බවද එසේ වුවහොත් වර්ථමානයේ ඇති වී තිබෙන අනවබෝධකාරී තත්වය සමතයකට පත්කර ගත හැකි බවද විපක්‍ෂ නායකතුමා අවධාරණය කළේය.

තවද, මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමාගේ ප්‍රසාදයද පළවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ද සහභාගී වූහ.

 රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

38,570 Viewers

4 Comments to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න…”

  1. Aurora says:

    මුස්ලිම් ඇමතිවරු ගිලාබහින යහපාලන ආණ්ඩුවත් ත්‍රස්තවාදයට සහයදෙන මුස්ලිම් ඇමැතිවරුත් රැකගන්න ගිහින් තමනුත් දැවැන්ත මඩ ගොහොරුවක එරිලා ඉන්නේ. ඔවුනුත් එක්ක මුස්ලිම් ජනතාවත් ගිලෙනවද මඩේ ගිලෙන නායකයන් යහපාලනෙත් එක්ක ගිලෙන්න ඇරලා මුස්ලිම් ජනතාව මහ ජාතිය සමඟ එක්‌වී තම ගරුත්වය රැකගන්නවද?

  2. Kalana says:

    මෝඩ කතා, රටම උන්ට දීල චන්ද වලට පස්සේ පයින් ගහල එලෙව්වේ, ෂරියා නීතිය දුන්නේ තෝනෙ බොල. රටම විනාසයි. උන්ගේ (විශේෂයෙන් Fowzi ට) රැවටිලා රටේ හැම නීතියක්ම වෙනස් කරගන්න ඉඩ දීල දැන් බොරු බයිලා කියවනවා. බලමුකෝ මේ පාර හකීම් ගේ පස්සෙ ගිහිල්ල තිබුනොත් එහම. ගෝට නෙමෙයි සක්කරයා ආවත් චන්දෙ දෙන්නේ නැහැ.

    • Pal says:

      Kalana …
      You look to be a Gadapalana lover.
      You are among the very few still remaining , we need Rajapaksha to come back to power by hook or crook or we will all see the end of Srilanka.

  3. sinha le says:

    හෙලයනි නැගිටියවූ.

    ඉන්දියාවේ මෝදී සුළු ජාතීන් නැතුව හින්දු රජයක් පත් කර ගත්තානම් ඇයි අපි සිංහලයන්ට බැරි

Main News