ඉල්ලා අස්වූ සියළු මුස්ලිම් මන්ත‍්‍රින් පෙර සිටි ඇමති ධුරවලට පත් කරන්න..- අගමැති ජනාධිපතිට ලිඛිතව දන්වයි..

July 25, 2019 at 3:50 pm | lanka C news
ඉල්ලා අස්වූ සියළු මුස්ලිම් මන්ත‍්‍රින් පෙර සිටි ඇමති ධුරවලට පත් කරන්න..- අගමැති ජනාධිපතිට ලිඛිතව දන්වයි..

ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ජාතික සියලු මන්ත්‍රීවරුන් නැවතත් ඔවුන් පෙර දැරූ ඇමති තනතුරුවලටම පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබේ.

අදාළ ලිපිය පෙරේදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ඇමතිවරුන් ඉල්ලා අස්වූයේ රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබීයදීය.

අගමැරති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ බදියුදීන් මහතාට විරුද්දව එල්ල වූ කිසිදු චෝදනාවකට ඔහු වරදකරු යයි ඔප්පු වී නැති බවයි.

31 views

6 Comments to “ඉල්ලා අස්වූ සියළු මුස්ලිම් මන්ත‍්‍රින් පෙර සිටි ඇමති ධුරවලට පත් කරන්න..- අගමැති ජනාධිපතිට ලිඛිතව දන්වයි..”

  1. HENA says:

    අගමැරති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ බදියුදීන් මහතාට විරුද්දව එල්ල වූ කිසිදු චෝදනාවකට ඔහු වරදකරු යයි ඔප්පු වී නැති බවයි.

    sakkiliya ra..nila..rata pawa dena sakkiliya..

    meka thama ratata pililaya

  2. sinha le says:

    පට්ට හොරු නැවත කරලියට ඇයි මේ රටේ මහා ජාතිය සිංහලයන් මේවා බාරගන්න දැන් නැද්ද ලැජ්ජයි

  3. Nishantha says:

    Deepallako.ubalata ony muslim chandane.eelaga chandedi wena de balapalla.

  4. P. Chang Hutang says:

    ගිය ආණ්ඩුවේත් ඊට පෙර ආණ්ඩු වලත් අකණ්ඩව ඇමතිකම් දරු පුද්ගලයන් මෙම ඇමතිකම් අත්හල කණ්ඩායමේ සිටිති. එම මුස්ලිම් ඇමතිවරු දැනට කටයුතු කරන්නේ පොදුජන පෙරමුණට විරුද්ධවය. අනාගතයේ පොදුජන පොදු පෙරමුණු රජයක් පිහිටවුවහොත් මොවුන් හට එම රජයේත් ඇමතිධුර ලැබෙයිද? එක් මුස්ලිම් ඇමතිවරයෙකු හට බරපතල චෝදනා එල්ලවනවිට ඔහු බේරා ගැනීම සඳහා පක්ෂ බේද නොසලකා සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් ඇමතිවරු එකමුතු වෙද්දී සිංහල මැති ඇමතිවරුන් පක්ෂ බදාගෙන කුලල් කා ගැනීමත්, මිනීමරු ත්‍රස්තවාදීන් බේරා ගැනීම සන්දහා නොයෙක් අන්දමින් කටයුතු කිරීමත් ඉතාම පිළිකුල් සහගතය.

  5. Ravana Parapura says:

    ජනාදිපතිගේ හොදම අබ යහලුවෝ ටික සිංහලයට අබ සරණයි

  6. Nandasoma says:

    බලමුකො ජනාධිපතිගෙ කොන්ද……!

Main News