ඉල්ලා අස්වෙන්නේ නෑ.. රනිල් විශ්වාස භංගය තෝරා ගනී..අන්තිම පන්දුම තෙක්ම සටන උණුසුම්..

April 3, 2018 at 2:10 pm | lanka C news
ඉල්ලා අස්වෙන්නේ නෑ.. රනිල් විශ්වාස භංගය තෝරා ගනී..අන්තිම පන්දුම තෙක්ම සටන උණුසුම්..

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කළ බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය එස්බී දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ ඒකමතික අදහස අගමැතිවරයාට දැනුම් දුන් බවය. අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය.

– BBC

22 views

18 Comments to “ඉල්ලා අස්වෙන්නේ නෑ.. රනිල් විශ්වාස භංගය තෝරා ගනී..අන්තිම පන්දුම තෙක්ම සටන උණුසුම්..”

  1. Kalana Premadasa says:

    The US, UK, Norway, EU and India must have advised their darling Ranil to fight on.

    • සිරිබිරිස් says:

      Not just to fight on. also that they would tackle it.

    • nalin says:

      It is UNP media that so promotes him as a man commands respect of these Countries. The truth is RW is not even a head of a state or a an important person in their political landscape. This man doesn’t even have the respect of the ordinary Sri Lankans and therefore gets a common candidate for Presidential elections since he knows the real truth.

      • නැවුම් මාවත says:

        රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර ඒ සමාන එජාප නායකයන් නැත .කිසිම දක්ෂතාවක් නැති එජාප මහලු හා තරුණ දේශපාලකයන් ඔහුට විරුද්දව් ක්‍රියාත්මක වන්නේ ඒ නිසයි .පාඨලී මේ දෝෂාභියෝගය ගෙන ආ අවශ්ටවේ සිටම කිවේ මේ දොශාබියෝගය වැරදි බවයි .හෙට පැවත්වෙන දොශාබියෝගය රනිල් මැතිදු ජයගන්නා බව සහතිකයි එසේම එජාප නව නියෝජ්‍ය නායකයෙකු පක්ෂයේ කලින් නොසිටි කෙනෙකුට ප්‍රධානය වන බව පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුවයි

        • නැවුම් මාවතේ අපි. says:

          මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
          (sponerd by PANAMA PRAIVET LTD.)

        • bleo says:

          දෝෂභියොගය සහ විස්වස භංඝය අතර වෙනසවත් දන්නෙ නැති කෙනෙක්ද මේ අපට අදහස් දෙන්න හදන්නෙ. Bwah hah haaahhaaa !

      • JUDE says:

        President Sirisena , PM Ranil please RESIGN and go home ..You ,.both are tratiors ..

      • Lion says:

        Its not about respect macho. They only observe his potential to be a puppet.

  2. Sam says:

    අන්තිම මොහොතේ මොකක් හරි කලබලයක් ඇති කරලා ඡන්දේ විමසන්නේ නැතුව පාර්ලිමේන්තුව කල්දාන්නත් ඉඩ තියෙනවා.

  3. Open mind says:

    ජනතාව ප්රතික්ෂේප කළ මේ වගේ උන් 4%ත් සමඟ හොඳට ගැලපෙනවා.

  4. Pachaya says:

    This is just a “kubiyoo ” game. Next PM will be dentist and he will destroy rajapaksha group. UNP will be in shambles for next year or so. Pohottuwa will not have a leaders without rajapaksha.
    Enter my3 for the 2nd term- one horse race.
    This is the master plan

  5. Asoka says:

    පිස්සුද බන් සල්ලි ගෝනි ගණන් ඔන්න ඊයේ රැ බෙදුවලු. බලපන් රනිලා හැමදාම අගමැති වෙලා ඉන්න හැටි. ඔය සල්ලි ගත්ත දෙපැත්ත කන එවුන්ව තමයි ගහලා පන්නන්න ඕනේ.

    • ගිරවා says:

      PM’ s Tears comes from the greedy heart not from the brain ..Never trust this stupied man
      Pray to the HANUMA OR THIRUPATHIE …..but it want help ..Resign and go home

  6. ජයසත් says:

    දිනෙයි වෙලාවයි සටහන් කරලා තියාගන්න, මේක තවත් ගැලරි රංගනයක්..පමණයි,තනතුරුවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ සහතිකයි/සත්තයි/ඇත්තයි

  7. Shantha Subasinghe says:

    My3 is indebted to Gota because it is Gota who saved Dudley Sirisena;s plush hotel built under the banks of Parakrama Samudhraya, There were severe rains in December 2014 Dudley Sirisena begged the then MARA government to open the floood gates (the Presidential election race was in full swing) they did not do it. Dudley begged with Gota and shrwed Gota ordered the flood gates be opened so that Dudley Sirisena’s hotel will be saved from flood waters. For this Sirisena family is eternally thankful to Gota and will do anything he asks.

  8. Open mind says:

    සැබැවින්ම නිර්භීත ක්‍රියාවක්.

  9. victor says:

    විස්වාශ භංඝයට විරුද්ධ වෙන මැති ඇමතියොන්ගෙ නම් ලිස්ට් එක ප්‍රසිද්ධ කරන්න 5 වෙනිදාම. එතකොට ජනතාවට පුලුවන් උන් ඔක්කොම සදහටම දේෂපාලන කුනු බක්කියට දාන්න දේෂද්‍රොහීන් හටියට. තවත් නම් උන්ට පාර්ලිමෙන්තුවට එනව තියා හිතන්නවත් බැරි බව තේරෙන්න ඕන.

Main News