ඉල්ලීම් ඉල්ලා PHIලා වර්ජනයේ.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති..

April 2, 2020 at 10:40 am | lanka C news
ඉල්ලීම් ඉල්ලා PHIලා වර්ජනයේ.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති..

මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊ​යේ (1 වැනිදා) පස්වරුවේ තීරණය කර තිබේ.

රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඉරිදා දැනුවත් කළද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

මෙම ඉල්ලීම්වලට අද (2වැනිදා) දිනයේ විසඳුමක් ලබානොදුනහොත් හෙට (3 වැනිදා) සිට වසංගතය පාලන කටයුතුවලින් ඉවත්වන බව එම සංගමය පවසයි.

උදයජීව ඒකනායක
– aruna

296 views

36 Comments to “ඉල්ලීම් ඉල්ලා PHIලා වර්ජනයේ.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති..”

  1. Kgs basnayake says:

    waste of money
    let them go home
    how uneignic food outlets in sri lanka?
    who is responsible?
    95% phi are corrupted and take bribes?

  2. MD says:

    Rajaye niladaringe sewakayange Pahath deena kam tamai oya.Ara tamange nidaganna ada nirodayanyata deela takaran Maduwe nidagatta Ranawiruwa matak wenakota meyala tirisannu kiyala hitenawa.ajutai.oya wadeth hamudawata policeyata denna.

    • හමුදාවේ පොලීසියෙත් උඹ වගේ මෝඩයො නැහැ mask නැතිව ලෙඩ්ඩු ගාවට යන්න. තේරුම් ගනින් ගොන් හරකො.

  3. sena says:

    මේතුමාන්ලා ගේ මේ වර්ජනය ඉල්ලිම් ඉල්ලිම සදහා නොවේ ඔහුන්ගේ ජිවිත ආරාක්ෂාව වෙනුවෙනුයි
    මරුවා පෙනිපෙනි මේතුමන්ලා සේවය කරන්නෙ රටත් ජනතාවත් වෙනුවෙනුයි මරුවා පෙනිපෙනිය

    එම නිසා මේතුමන්ලාගෙ ඉල්ලිම් සාධාරනය

Main News