ඉල්ලීම් ලබාදීම ප‍්‍රමාද කර ඇත්තේ නිලධාරීන්.. මා නොවෙයි..

October 7, 2016 at 2:06 am | lanka C news
ඉල්ලීම් ලබාදීම ප‍්‍රමාද කර ඇත්තේ නිලධාරීන්.. මා නොවෙයි..

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෘද පෙනහලු නිෙවිෂක සංගමයේ නියෝජිතයින් සමග විශේෂ සාකචිඡවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.

මෙහිදී හෘද පෙනහළු නිෙවිෂක සංගමයේ ඉල්ලීම් වන රුපියල් 3000 ක දීමනාව ලබාදීමට මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡ කර අවශ්‍ය කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ අතර, අතිකාල දීමනා, 6/2006 චක‍්‍රලේඛය අනුව මතුව ඇති වැටුප් විෂමතා ඉවත් කිරිම, සුදුසු ශ්‍රේණියක් ස්ථාපිත කිරීම යන කරුණු කඩිනමින් ඉටු කර දෙන ලෙස අමාත්‍යවරයා නියෝග කරන ලදි. එමෙන්ම ගැසට් නිෙවිදනය ඉවත් කර ඇති අතර, එම ඉවත් කළ නියෝග ඇතුළත් ගැසට් නිෙවිදනය සති 03 කින් ප‍්‍රකාශ ප‍්‍රකාශයට පත් කිරීමටත්, හෘද පෙනහළු නිෙවිෂකයින් හට පුහුණුවක් ලබාදීම පිළිබදවත් අවධානය යොමු විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් පොරොන්දු මත විශ්වාසය තබමින් තම වර්ජනය අත්හල ලද බව හෘද පෙණහළු නිෙවිෂක සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘මම විදේශගතව සිටිය දී තමයි ඔබලා වර්ජනය ආරම්භ කළේ. මෙම ඉල්ලීම් වලින් ඇතැම් ඉල්ලීම් ලබාදීමට ප‍්‍රමාද කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්. එම වගකීම ඔවුන් බාරගත යුතුයි.

ඔිනෑම වෘත්තීය සමිතියක ඉල්ලීම් සාකචිඡ මාර්ගයෙන් විසදිය යුතු වෙනවා. දියුණු ක‍්‍රම භාවිතා කරන්න. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජනප‍්‍රිය මාතෘකාව තමයි  බහිනවා යන්න. දීර්ඝ කාලයක් පුරුදු වූ වචනය එයයි. රෝගියා උකසට තබා වර්ජන කරන්න එපා. ඉල්ලීම් දිනා ගැනීමට වඩා රෝගීන් දෙස අවධානය යොමු කරන්න. වෘත්තීයෙවිදීන්ට ලබාදෙන වැටුප් වැඩිවිය යුතුයි. නමුත් මහා භාණ්ඩාගාරයේ මුදල් නැහැ. ආර්ථිකය ශක්තිමත් කරමින් රජය ඉදිරියට යනවා. තව වසර දෙක තුනක් යනවිට ආර්ථිකය ශක්තිමත් වෙනවා. ශ‍්‍රී ලංකාෙවි උගත් තරුණ තරුණයින් ලක්ෂ 10 කට පමණ රැකියා නැහැ.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අතිරේක ලේකම්වරු ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

13 views
Main News