ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. විදුලි කප්පාදුව වසර ගණනක්..- විදුලි ඉංජිනේරුවන්

June 16, 2022 at 2:10 pm | lanka C news
ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. විදුලි කප්පාදුව වසර ගණනක්..- විදුලි ඉංජිනේරුවන්

කඩිනමින් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකළහොත් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව වසර කිහිපයක් පුරා පවතිනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

අද දවසේ විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ ද ඉන් විදුලිය ලබාගැනීමට වසර තුනක පමණ කාලයක් ගතවන නිසා දැනට තිබෙන තත්ත්වය අනුව වසර තුනක් යන තුරු විදුලි කප්පාදුවක් සිදු ඇතැයි සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේය.

පසුගියදා ආණ්ඩුව විසින් විදුලි පනත සංශෝධනය කරනු ලැබුවේ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවස්ථාව සැලසීම මූලික කරගෙන බව ද ඔහු පැවසීය.

40,565 views

14 Comments to “ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. විදුලි කප්පාදුව වසර ගණනක්..- විදුලි ඉංජිනේරුවන්”

  1. Sasrasi says:

    දැන්වත් තමන්ගේ වියදමින් සෝලා දාගන්න අයට වත් ඉක්මනින් පාස් කරලා දෙන්න . සල්ලි ගෙවන්න ඕන නෑ . එතකොට තමන්ගේ ගෙදර ට අවශ්‍ය පමණට නේ දාන්නේ.
    එතකොට අනික් අය ට විදුලිය අඩුවට දෙන්නත් පුළුවන් . රජයක් හැටියට ඒවා ට බදු අඩු කරලා දුන්නා නම් සාමාන්‍ය කෙනෙකුටත් දාගන්න පුළුවන් . කොහෙද ඇමති ලා හිටියට රටේ දියුණුවට වැඩක් කරන එකක් යැ. ඩීසල් බලාගාර වගේ කොමිස් නෑ නේ . ඒවා ත් වැඩිපුර අයිති කාටද කියලා හොයා බලන්න කෝ පුළුවන් කෙනෙක් .

  2. හිටන් says:

    ඩීසල්, ගල් අගුරු සහ ජලවිදුලි බලාගාරවල මුලු ජනනය 4,200MWයි, ඉල්ලුම 2,500MWයි. එතකොට මෙතන තියෙන්නේ ඉන්දන​, අගුරු සහ ජලාශ වල ප්‍රශ්නයක් නෙවෙයිද? දන්නැති නිසා ඇහැව්වේ.

  3. David Milli-banda says:

    This is the result of their years of inaction..“ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. විදුලි කප්පාදුව වසර ගණනක්..- විදුලි ඉංජිනේරුවන්” CAN NOT THINK OUTSIDE THE BOX . All these buggers got educated and GOT RICH at the expense of the People and the Country.
    Gave back nothing. Only filled their pockets.

Main News