*** ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..

December 30, 2017 at 10:17 pm | lanka C news
*** ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..

2015 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (30) දහවල් බාර දෙන ලදී.

එය බර දෙනු ලැබුවේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් වන අතර එම අවස්ථාවට කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා හා සෙසු සාමාජිකයින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන්ද සහභාගී වූහ.

එහිදී පැය බාගයකට වැඩි කාලයක් එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිනරයා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්චා කර ඇති අතර මෙය ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති විශාලතම මුදල් වංචාව විය හැකි බව විනිසුරුවන් විසින් පෙන්වා දී ඇති බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බවට විනිසුරුවන් විසින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බවත් අන්තර්ජාලයේ වාර්තා පලවෙයි.

කොමිසමේ සාමාජිකයන් සමග වූ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා වෙනත් පිරිසක් සමග පැවති සාකච්චාවකදී ‘*** ඉවරයි.. යුඑන්පිය ඉවරයි.. කොමිෂන් වාර්තාවෙන් ඒ අය ඉවර වෙනවා’ යනුවෙන් සදහන් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

මෙම කොමිෂන් සභා වාර්තාවෙන් අගමැතිවරයා ඇතුළු චූදිත සියළු පාර්ශවයන් වගඋත්තරකරුවන් කර ඇති බවට නිගමනය කර ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

වාර්තාව සම්බන්දයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ නීතිපතිවරයා කැදවා ඇති බවද වාර්තා වෙයි

මේ අතර කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු ආන්ඩුවේ ප‍්‍රබලයෙක් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අත්‍යවශ්‍ය යයි පවසමින් අවස්ථාවක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඒ නොතකා පොලොන්නරුවට ගොස් ඇති අතර ඔහු නැවත කොළඹ පැමිණීමට නියමිතව ඇත්තේ පළමුවැනිදා හෝ දෙවැනිදා බවද සදහන්ය.

163 views

25 Comments to “*** ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..”

  1. mahesh says:

    ඔක්කොම අවසානයේ, මහ බැ0කුවේ පහතමාලයේ වැසිකිලි සුද්ද කරන සුමනපාල මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව හිරගෙට නියම උනොත් පුදුම නොවන්න.

    • namolanka says:

      well said . This will happen at the end of the day,. Nothing else

      • Nuwan says:

        රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනඒමට පෙර කස කරැවන් පැමිණ ඇත..ඒ බැදුම්කර කණ්ඩායමයි..දැන් තරගයට දෙගොල්ලන් හිරගෙවල්වල යද්දී ජයම්පති ගොයියා හීන් සිරෑවේ ෆෙඩරල් ව්‍යවස්ථාව ජය කණුව කරා ගෙන යයි….

    • Jonaa'S Brother says:

      ඔව් මහේශ් ! ලෝකයාට පේන්න විලිරුදව හැදී මොරදුන්නට හූණු බිජ්ජක් වදාවි,
      ‘බෝතල් සිරා’ ගැන දන්නෝ දනිති

    • චේතියසේන says:

      හා හා හා!

      😂😂😂😂😂😂😂😂

    • Rupa says:

      එය යතා කාලයේදී තතා අයුරින් සිදුවෙනු ඇත. හේතුමය වරද වනුයේ මහ බැන්කු රහස් කරුනු අඩන්ගු ලේකන පිටපත් පිටතට යාමට උදව් කිරීමයි. සිර ගෙදරදී ඔහුට මත්කුඩු මිලි ග්‍රෑම් 5ක් ලඟතබාගෙන සිටි අයත්, හොරෙන් අඹ පොල් වැනි වටින බඩු සොරකම් කල අයත්, රුපියල් 500 ක අල්ලසක් ගත් අයත් හමුවෙනු ඇත.

    • Chandana says:

      100% true

    • Kepuwathkola says:

      A headless body slashed with an axe found near the Temple street.

      It is rumoured that the body belongs to the Central Bank robber!

  2. nath says:

    අවසානයේ නටපු තොවිලයක්ද නැත..බෙරේ පලුවක්ද නැත…නමුත් රණවිරැවන් ටික නම් දගගෙයි සිටිනු ඇත.

    • Pina says:

      යකෝ තොට පිස්සුද . ඔය එකේක් වත් හිරේ යනේ නෑ. අපේ ලොක්කො වගේ මටත් ඔහේ චූන් එකේ ඉන්න දීල සැපසේ විකුනගෙන කන තියරිය ට ඉන්නවා.

  3. ‍ජ‍හ‍ම‍න‍ය says:

    එතකොට දප්පුල මහත්තය ආවෙ නෑද්ද ඕක බාරදෙන්න?

  4. oya my3 palaya oya kiyana keli karanne nehe bro.

  5. Sirisena Yatawara says:

    Nothing will happen to UNP Old leader Ranil Wicks!

    He will be protected and safeguard by MS and CBK of Feudal Federalist of SLFP. This all political shows.

  6. helaya says:

    JR avilla lankawata keliya. Eta passe apu evun gen JRtath wada lankawata kelapu eka thamai Bothal Sira

  7. Nandasoma says:

    ඔක්කොම අවසානයේ, මහ බැංකුවේ පහතමාලයේ වැසිකිලි සුද්ද කරන සුමනපාල මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව හිරගෙට නියම උනොත් පුදුම නොවන්න.

    ලස්සන ටෙලිනාට්‍ය හීනයක අවසන් භාගය…! දුෂ්ටයා විසින් පෙම්වතා ඇතුලු පිරිසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි….!! නාට්‍යය ලබන සතියට කල් යයි…..

    ඊලඟ සතියේ…… ජනතාව සිදුවූ විනාශය නැරඹීමට රූපවාහිනිය වටා රොක්වේ…. නාට්‍යය ඇරඹේ….. ප්‍රථාන නිලිය හීනයක් දැක බියවී අවදි වෙයි…. ප්‍රධාන නලුවන්ට කිසිදු හානියක් නැත……ජනතාව දැක ඇත්තේ සිහිනයකි..!

    යහපාලනය තව සියවස් ගණනාවක් යහතින් පවතිනු ඇත…… යහපාලනයට සුබ අනාගතයක්…..!!!!!!!

    • Upali says:

      මගේ උප කල්පනයට අනුව වාර්තාව අවසන් කරනුයේ මෙසේය . ” විශාල වශයෙන් රටට අගය හානී වීමක් සිදුවී ඇත. නම් සඳහන් සියල්ලෝම විවිද ප්‍රතිශතයන්ගෙන් මෙම සිදුවීමට අනියම් ලෙස දායකවී ඇත. එහෙත් ඔවුනගේ වැරදි තීරන ඔවුන් විසින් සිතා මතාම කල සොරකමක් හෝ රජයේ මුදල් අවබාවිත යක් ලෙස අර්ත දැක්විය හැකි නොවේ.”

  8. Liston says:

    Talks thibunata kotiyak
    Kare NE eka hari deyak

  9. Lapaya says:

    Dan ithin kaduwa bate dagena kalpana karanawa athi.

  10. රාවණා says:

    මම පොඩි ළමයෙක්ගෙන් ඇහුවා ” පුතා රුසියාවේ ජනාධිපතිගේ නම මොකක්ද? කියලා, කොල්ලා කියපි ” පුටින්” කියල.

    ඊට පස්සේ මම කීවා බොහොම හොදයි පුතා, එහෙනම් කියන්න බලන්න ” ලංකාවේ ජනාධිපතිගේ නම කියන්න කියලා. කොල්ලා ඒ ගමන්ම කියපි ” කටින් ” කියල.

    මම ඇහුවා ” ඇයි පුතා ඒක නෙමේනෙ නම කියල”, කොල්ලා කියපි එතකොට ” ඇයි මාමෙ එයා කියනවා විතරයි, කරපු දෙයක් නෑනෙ” කියල හිටං.

Main News