*** ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..
December 30, 2017 at 10:17 pm | lanka C news
2015 වසරේදී ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (30) දහවල් බාර දෙන ලදී.
එය බර දෙනු ලැබුවේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා විසින් වන අතර එම අවස්ථාවට කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා හා සෙසු සාමාජිකයින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන්ද සහභාගී වූහ.
එහිදී පැය බාගයකට වැඩි කාලයක් එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිනරයා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්චා කර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ සිදුව ඇති විශාලතම මුදල් වංචාව විය හැකි බව විනිසුරුවන් විසින් පෙන්වා දී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බවට විනිසුරුවන් විසින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බවත් අන්තර්ජාලයේ වාර්තා පලවෙයි.
කොමිසමේ සාමාජිකයන් සමග වූ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා වෙනත් පිරිසක් සමග පැවති සාකච්චාවකදී ‘*** ඉවරයි.. යුඑන්පිය ඉවරයි.. කොමිෂන් වාර්තාවෙන් ඒ අය ඉවර වෙනවා’ යනුවෙන් සදහන් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
මෙම කොමිෂන් සභා වාර්තාවෙන් අගමැතිවරයා ඇතුළු චූදිත සියළු පාර්ශවයන් වගඋත්තරකරුවන් කර ඇති බවට නිගමනය කර ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
වාර්තාව සම්බන්දයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ නීතිපතිවරයා කැදවා ඇති බවද වාර්තා වෙයි
මේ අතර කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු ආන්ඩුවේ ප්‍රබලයෙක් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අත්‍යවශ්‍ය යයි පවසමින් අවස්ථාවක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඒ නොතකා පොලොන්නරුවට ගොස් ඇති අතර ඔහු නැවත කොළඹ පැමිණීමට නියමිතව ඇත්තේ පළමුවැනිදා හෝ දෙවැනිදා බවද සදහන්ය.
ලොක්කා හෙට ඉඳන් කඩුව බටේ දමාගෙන කතා කරයි ඡන්දෙට…
රනිලුත් ඉවරයි UNP එකත් ඉවරයි කොමිෂන් රිපෝර්ට් එකට අනුව ……… එක අද නොදන්නා කෙනෙක් නෑ ……….. එත් ඇත්තටම ඔය රිපෝර්ට් එකට වෙන දේකුත් නෑ ……. බැංකු හොරුන්ට දඬුවම් දෙන්නෙත් නෑ
Alert……….Help………. Red light………………….. Watch out for the new Constitution will be tabled in the guise of the bond report.
Jayampathi Wickremerathne hard at work in the shadow of this Bond report being handed over to Sira.
The federal Constitution will be slipped in.
Never trust this Sira…………………………… He will chop us with the sword……….. Ranil & Team will be free to roam
and a NEW CONSTITUTION will be in place.