ඉවසුවා ඇති… පඩි නැත්නම් වැඩ නෑ… ලංවිම තාක්ෂණික සේවකයෝ පාරට බසිති…

May 30, 2019 at 5:30 pm | lanka C news
ඉවසුවා ඇති… පඩි නැත්නම් වැඩ නෑ… ලංවිම තාක්ෂණික සේවකයෝ පාරට බසිති…

ලංකා විදුලිබල මණ්ඩලයේ 50% ක් පමණ වූ තාක්ෂණික සේවකයන්ගේ අප්‍රේල් සහ මැයි මස වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට 2019 මැයි මස 28 වැනිදා මධ්‍යහන 12 ට උද්ගෝෂණයක් (28) පැවැත්විණි.

එම උද්ගොෂණයට ලක්විජය තාප බලාගාරයේ සේවය කරන තාක්ෂණික සේවකයින් 200 ක් පමණ සහභාගී වී ඇති බව ඒකාබද්ධ ඉංජිනේරු සේවා පෙරමුණේ කැදවුම්කරුවෙකු අපවෙත පැවසීය.

“අප්‍රේල් උත්සව සමයේ හා වෙසක් උත්සව සමයේ අපි ඉතා අපහසුවෙන් අපගේ දරු පවුල් වල අවශ්‍යතා හරි හැටි සිදුනොකර මහජනතාවට තවමත් සජීවී විදුලිබල පද්ධතියක් පවත්වාගෙන යනවා. පසුගිය මාසයේ රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බැට කෑ අප රට ගැන සිතා අපි මෙපමණ කල් ඉවසුවා. නමුත් දැන් අපට අපගේ දරු පවුල් නඩත්තු කිරීම මේ වන විට අති විශාල ගැටළුවක් වී ඇති බව කියන්න අවශ්‍යයි.

වැටුප් කප්පාදුවෙන් පසු ලබා දුන්නු 85% ක මුදල් අත්තිකාරකම නැවත අය කරගන්නා පදනමෙන් තමයි පාලානාධිකාරිය විසින් අපට ගෙවා ඇත්තේ. එය අපට හිතෙන විදිහට සහනාධාරයක් වගේ. මේ විදිහට බැලුවොත් අප දැන් ලංවීමේ සේවකයෝද යැයි කියා සැකයක් මතුවෙනවා.එසේම විවිධ විවිධ වෘත්තීය සමිති විසින් මේ අවස්ථාවේදී වැඩි පඩි ඉල්ලමින් බොර දියේ මාළු බාන අතර අප ඉල්ලන්නේ කප්පාදුකළ වැටුප ලබා දී වැඩ කිරීමට නිසි මානසිකත්වයක් ඇති කරන්න” යැයි වැඩි දුරටත් හෙතෙම පැවසීය.

මේ සම්බන්ධව පැහැදිළි පිළිතුරක් බලධාරීන්ගෙන් නොළදහොත් නුදුරු දිනයකදීම දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තීරණය කර ඇති බව අප වෙත පැවසීය.

– ලංවිම ඒකාබද්ධ ඉංජිනේරු පෙරමුණ

12,757 Viewers

One Comment to “ඉවසුවා ඇති… පඩි නැත්නම් වැඩ නෑ… ලංවිම තාක්ෂණික සේවකයෝ පාරට බසිති…”

  1. සිරිපාල says:

    “අපි ඉතා අපහසුවෙන් අපගේ දරු පවුල් වල අවශ්‍යතා හරි හැටි සිදුනොකර මහජනතාවට තවමත් සජීවී විදුලිබල පද්ධතියක් පවත්වාගෙන යනවා.”

    මේ කට්ටිය කියන ගල් පැලෙන බොරු. මේ අයගේ මාසෙකට අඩුම ගානෙ ලක්ෂ එකහමාරක් දෙකක් විතර ගන්නවා. නඩුවෙන් පස්සෙ පඩිය 15%කින් අඩු කලා තාවකාලිකව. උපයන විට බද්ද ගෙවිය යුත්තේ සේවකයා. ඒක තමයි නීතිය. ඒ වුනාට මේ ගොල්ලන්ගේ බද්ද ගෙවන්නේ ආණ්ඩුව. ඒවට කතා නැද්ද

Main News