‘ඉවසුවා ඇති.. මා සමග එක්වන්න..’ සජිත්ගෙන් හදිසි නිවේදනයක්..
September 24, 2019 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනක් මෙහි දැක්වෙයි.
‘විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව මම දන්නවා.
මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.
එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්ෂ නියෝජිතයින්ට යළිත් පක්ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.!
විශේෂයෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
– සජිත් ප්‍රේමදාස