හීලෑ අලි තීරණයට විරෝධය… ඉෂිනි වික‍්‍රමසිංහ ධුරයෙන් ඉල්ලා අස්වේ…

September 9, 2021 at 12:00 pm | lanka C news
හීලෑ අලි තීරණයට විරෝධය… ඉෂිනි වික‍්‍රමසිංහ ධුරයෙන් ඉල්ලා අස්වේ…

ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන චෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇය මේ වන විටත් බාර දී ඇත.

වනජීවී ඇමති විමලවීර දිසානායක මහතාද මේ බව තහවුරු කරයි.

දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට රජය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පාමින් ඇය මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.

නව තීරණය හරහා නීතිවිරෝධීව අල්ලාගත් අලි ඇතුන් ජාවාරම්කරුවන්ට ආපසු ලබා දීමට හැකියාව ඇතැයි පාර්ශව ගණනාවක් ම කියා සිටිති.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති දියණියකි.

54,959 views

27 Comments to “හීලෑ අලි තීරණයට විරෝධය… ඉෂිනි වික‍්‍රමසිංහ ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. අනේ බං ඕකී දන්න ඉටිගෙඩියක් නැහැ සත්තුන්ට ආදරය කරනවා කිව්වට සත්තුවත්තේ එක සත්තු කූඩුවක් වත් ලොකු කරලා නැහැ. හිටපු උන්දලා තමා මොනවා හරි කරලා තියෙන්නේ. මේකි වැඩ බැරි ටාසන් කෙනෙක්. හුචක්කු දෙහිවල ඉහල නිලලත් ගොන් ගෑණු 3න් දෙනෙක් සහ පොහොට්ටු යූනියන් නූගතෙක් ඔඩොක්කුවේ තියාගෙන නැලවුනා විතරයි. වෙන කරපු රෙද්දක් නැහැ.

  2. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් .

  3. ඉෂිනී විසින් ම ඉෂිනීව උඩ දාගන්නවා කියලා හිතන්නේ මට විතරද? දන්න තරමට මාර ගොං ගෑනියෙක්. ෂෝ එක විතරයි.

  4. Damian says:

    දැන් රනිල් බාප්පත් එක්ක සෙට් වෙන්න.

  5. ගෞම් ඊයාරාජ් says:

    කොහෙන් හිනා වෙන්නද මන්දා මෙව්වට.

  6. ඔය අධ්‍යක්ෂ ජනරාල් මාස 1 -1/2 England ගිහින් ලංකාවට ආවා විතරයි. මොකද අලි දෙන එක එයා දන්නේම නැද්ද. එයා දන්නවා. අලියා කියන එකා දන්වැලක් දා බලෙන් බල්ලෙක් වගේ ඇදගෙන යනවද නැහැනේ. ඔය කාන්තාව ඔටාරාගේ හොදම යාලුවෙක්. මේක පුතාණෝගේ ගැටයක්. ඉහල කොමෙන්ට් වගේ ඔය කාන්තාව හරි මෝඩයි.

Main News