ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..

December 3, 2019 at 5:30 pm | lanka C news
ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා Shad Mahmood Qureshi ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙද කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත‍්‍රයන්හි ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප‍්‍රකාශ කළේය.

‘දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත‍්‍රශීලි සහ උණුසුම් සබදතාවක්. සහයෝගිතා වපසරිය පුථල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිම පාකිස්ථානයේ බලාපොරොත්තුවයි”, විදේශ අමාත්‍යවරයා පැවසීය.

තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සදහා ශ‍්‍රී ලංකාව සමග එක්ව කි‍්‍රයා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද අමාත්‍ය කුරේෂි මහතා සදහන් කළේය. ‘ඔබතුමා චාරිකාවක් සදහා පාකිස්ථානයට එන තුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා’ යැයි ද විදේශ අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ මුල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙද හා ආයෝජන ක්ෂේත‍්‍රයන්හි අඛණ්ඩ ප‍්‍රගතිය සහතික කිරීම සදහා බවයි. පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක්, මේ ව්‍යසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරනවා”., ජනාධිපති රාජපක්ෂ මහතා සදහන් කළේය.

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන් ඉල්ලිමක් කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඞ් ෆයිසාල් සහ ශ‍්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඞ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න

33,539 Viewers

10 Comments to “ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..”

  1. Saman says:

    Pakistan evunta epa venna athi lol

  2. lucky says:

    Great relaxed feeling! we have a talented leader with great qualities

  3. Cham says:

    Really Proud of you His Excellency Mr Gotabhaya Rakapakse

  4. Gotaimbara says:

    Good, we have to work closely with all the countries in the region.

  5. බාල බෙහෙත් says:

    රාජිතය අවුරුදු ගානක් බාල බෙහෙත් පාකිස්ථානයෙන් ලංකාවට ගෙන්වන තැන හොයා ගනීයි..!
    චතුරය මේ දිනවල රාජිතයට අයිති සිංගප්පූරුවෙ තියෙන මන්ඳිරයෙලු හැංඟිලා ඉන්නේ කියල ආරංචිය.

  6. Gorilla says:

    Buy Pakistani weapons and prepare for a war. Especially jf 17 thunders. You should modernize air force and other branches of the military.

  7. Kaush says:

    A very good move.

  8. Sara says:

    නියමයි ගරු ජනාදිපතිතුමෙනි අර කතාවක් තියෙන්නේ — මාළු උගේ ඇගේම තියල කපනවා වගේ කියල ඒවගේ ඔය ප්‍රශ්න දෙකටම සහයෝගය ගන්න හොදම තැන තමයි ඕක නියම තීරයනයක්. මෙතෙක් හිටපු කිසි කෙනෙකුට ඕක තේරුනේ නැහැනේ

  9. Nuwan says:

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

Leave a Comment

Main News