ඉස්සන්ගෙන් ඩොලර් මිලියන 140ක ආදායමක්…
October 25, 2017 at 2:06 am | lanka C news
ඉස්සන් අපනයනයෙන් දැනට ලබා ගන්නා ඩොලර් මිලියන 17.5ක ආදායම ඩොලර් මිලියන 140 දක්වා ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ කියා සිටී.
එම ඉලක්කයට ළගා වීම සඳහා නිසි ක්‍රමවේද අනුගමනය කොට ඉහළ අස්වැන්නක් ලබා ගැනීම කෙරෙහි වගාකරුවන්ගේ දැඩි අවධානය යොමු විිය යුතු බව ඔහු පවසයි.
හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ ඉස්සන් වගාව නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ඔක්තෝබර් 21 වැනිදා නියැලුනු ඇමතිවරයා ඉන් පසුව ඉස්සන් වගාකරුවන් සමග පැවැත්වූ සාකච්ඡුාවකදී ඒ බව කීය.
ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා අනෙකුත් ආධාර ලබා දීම තම අමාත්‍යංශය සිදු කරන බව ද හෙතෙම පැවසීය
– ජෝර්ජ් ද සිල්වා