ඉසුර බස්නාහිර නව ආණ්ඩුකාර ධුර.. සාලි ඉවතට..

April 20, 2019 at 12:00 pm | lanka C news
ඉසුර බස්නාහිර නව ආණ්ඩුකාර ධුර.. සාලි ඉවතට..

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට දිනෙන් අවසන් වේ. ඒ අනුව රට පුරා පළාත් සභා අටක පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරේ.

සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වීමට නියමිත ඌව පළාත් සභාව පමණක් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මේ අතර වාර්තා වන්නේ දකුණු සහ බස්නාහිර පළාත් සභා සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති බවයි.

ෂාන් විජයලාල් සිල්වා දකුණු පළාතේ හිටපු මහ ඇමැතිවරයා පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ බස්නාහිර මහ ඇමති ලෙස කටයුතු කළ ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත යැයි ද තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරයි.

බස්නාහිර ආණ්ඩුකාර ලෙස අසාද් සාලි මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතාද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී මෑතකදීය.

37 views

3 Comments to “ඉසුර බස්නාහිර නව ආණ්ඩුකාර ධුර.. සාලි ඉවතට..”

  1. Sri Rahula says:

    Thawa paasal keeyakata nama gahaganeeda kiyala balagena sitimu.

  2. මැදමුලනෙ මුත්තා says:

    මීට වඩා හොඳයි මෛත්‍රීපාල අසාද් සාලිගෙයි, කීර්ති තෙන්නකෝන්ගෙයි කලිසමි දෙක ගලවල දැමිම නමි.
    මෙික රනිල්ගෙ ගේමක්. ඉසුර දේවප්‍රියයි, ෂාන් විජයලාලුයි රනිල්ට සෙටි.

  3. Malvathu Asgiri Girigoris says:

    මෙවැනි මානසික රෝගීන් මහ ඇමැතින් කරන අමනයන් ඉන්න රටක ඉපදීම මහා දුර්භාග්‍යයක් ලෙස සලකමි.

    හමුදාපති තුමනි, මේරටේ පාලනය සියතටගෙන මෙම කාලකන්නි පළාත්සභා ක්‍රමය ඉවත්කොට 1975 ව්‍යවස්ථාව නැවත ස්ථාපිත කරනු මැනව. රට බේරාගැනීමට ඔබට කළහැකි හොඳම දෙය එයයි.

    ප්‍රභාකරන්ට මෙම රට ගියානම් මෙයට වැඩ හොඳ බව මට හැඟේ .