ඉහලම ලොක්කෙක් අල්ලස් ලෙස ‘රත‍්‍රන් පොදි’ ඉල්ලයි.. ධුරයෙන් පන්නන්න යයි..

January 26, 2022 at 10:22 pm | lanka C news
ඉහලම ලොක්කෙක් අල්ලස් ලෙස ‘රත‍්‍රන් පොදි’ ඉල්ලයි.. ධුරයෙන් පන්නන්න යයි..

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සභාපතිවරයෙකු අල්ලස් ලෙස ‘රත්‍රන් පොදි’ ලබා ගැනීමට සූදානම් වීමක් පිළිබඳ වාර්තා වී ඇති බවත්, ඒ අනුව එවැනි නිලධාරීන් තරාතිරම නොබලා තනතුරුවලින් ඉවත් කිරීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආයතන සභාපතිවරුන්ද විෂය භාර අමාත්‍යවරුන් සමග සහයෝගයෙන් රාජකාරී සිදුකිරීමට අකමැත්ත පළ කරන බවයි.

එසේම ඉන් බහුතරයක් අලසව හා අකාර්යක්‍ෂමව කටයුතු කරන බැවින් ආයතනවල අපේක්‍ෂිත ඵලදායීතාව ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එවැනි සභාපතිවරුන් හා නිලධාරීන් පරිසර අමාත්‍යාංශය තුළද සිටින බවට තමන් නිරීක්‍ෂණය කර ඇති බැවින් ඉදිරියේදී ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට තමන් දෙවතාවක් නොසිතන බවද අමරවීර මහතා අවධාරණය කළේය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ‘දැවිතෙල් බලපත්‍ර’ නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ තමන් දැඩි ලෙස විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සහ ඊට අනුබද්ධ තාක්‍ෂණ ආයතනය යනාදිය පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වේ.

ADA

79,004 views

6 Comments to “ඉහලම ලොක්කෙක් අල්ලස් ලෙස ‘රත‍්‍රන් පොදි’ ඉල්ලයි.. ධුරයෙන් පන්නන්න යයි..”

  1. මහජනතාව says:

    මධ්‍යම පරිසර අධිකාරියද ?

  2. අපි says:

    මේ රට විනාශ වෙන්නෙ දේශපාලකයන් නිසා නෙවේ හොර, අල්ලස් ගන්නා හා අලස රජයෙ සේවකයන් නිසා
    .අද ප්‍රවෘත්ති බෙලුවොත් 90%ක් පෙන්නනේ රජයෙ සේවකයන් ගේ දූෂණ හා වන්චා

  3. NuwanJ says:

    හැම තැනම දේශපාලකයන් ගැන විතරක් කතා කලාට මේ රටේ රාජ්‍ය නිලධාරින් බොහොමයක් දුශිතයි.
    කාර්යාලයකට ගායාම කරන රසිතියාදුවෙ ඉදල අල්ලස තමන්ගෙ හිතතුන්ට විතරක් සැලකිම මේව හැමදාම මහජයට විදින්න වෙලා

  4. Nalaka says:

    If minister is an idiot or an uneducated like this bugger, most of other govt officers or chairman’s does not like to work with them. This is very simple my dear idiot Mahinda amaraweera..

  5. SL says:

    සාටකයි , යහපාලනයයි, මාලිමාවයි හුදී ජනයායි එකතුවෙලා රට ගෙනිහින් තියන දුර. අප්‍රිකාවේ ඉන්න කප්පම් රාජ්‍ය නිලධාරියෝ,දේශපාලකයෝ පරාදයි

    මුන්ට දෙන දඬුවම මොකක් ද? දෙන්නේ කවද්ද ?

  6. ගරසරප says:

    ඇත්ත තත්වය නම් දූශනය පුද්ගල සාධකයක් නොව සංස්කෘතියක් බවට පත්වෙලා. මේවා එලියට එන්න එන්න මිනිස්සු රාජ්‍ය (රජය, ආන්ඩුව ඔක්කොම ) ගැන විශ්වාසය නැති වෙනවා. ඒකෙන් කිසිම පාඩුවක් පහලොස් ලක්ශ දෙසිය විසිපහට වෙන්නෙ නෑ. ඒගොල්ලො පඩි වැඩිකර ගන්නවා. මිනිස්සුන්ගෙ ලේ උරා බොනවා. පැත්ත මාරු කලාට කාසිය එකමනම්.