ඉහල බලපෑමෙන් මහ බැංකුව ස්ථාවරය වෙනස් කරයි… බැදුම්කර මගඩියේ ෆුට් නෝට් වාර්තාව පිලිගනී..

November 26, 2016 at 4:06 am | lanka C news
ඉහල බලපෑමෙන් මහ බැංකුව ස්ථාවරය වෙනස් කරයි… බැදුම්කර මගඩියේ ෆුට් නෝට් වාර්තාව පිලිගනී..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති සුප‍්‍රකට බැදුම්කර මගඩිය සම්න්ධයෙන වූ කෝප් කමිටු වාර්තාවට එම කමිටුවේ එජාප සාමාජිකයින් විසින් එක් කර ඇති පා සටහන් සහිත වාර්තාව පිලිනොගන්නා බවට කලින් කල දැනුම් දීම නොසලකා හරින්නැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් කෝප් කමිටුවට ලිඛිතව දන්වා ඇත.

අදාල පා සටහන් වාර්තාව පිලි නොගන්නා බවද මහ බැංකුව විසින් කොප් කමිටුවට දැනට දින කිහිපයකට පෙර ලිඛිතවම දන්ව තිබින.

හිටපු මහ බැංකු අධිපතිවරයා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින දේශපාලන බලවතෙක් විසින් කර ඇති බලපෑම් හේතුවෙන් ශ‍්‍රි ලංකා මහ බැංකුව මෙසේ සිය මුල් ස්ථාවරය වෙනස් කර ඇතැයිද වාර්තා වෙයි.

0 views

3 Comments to “ඉහල බලපෑමෙන් මහ බැංකුව ස්ථාවරය වෙනස් කරයි… බැදුම්කර මගඩියේ ෆුට් නෝට් වාර්තාව පිලිගනී..”

  1. sam says:

    henama gahapiya.

  2. sam says:

    mun serama akuloola yana wegi akka henama gahapiya….

  3. Nareen says:

    C news,oya balavathaa kavda Ranil mahathaada kiyaa kelinma palakaranna. Pravurthiyak vashayen eyada janathaava danagatha tuthui neda?

Main News