ඉහල වටවල වන රක්ෂිතයක ගින්නක්…

February 16, 2019 at 2:09 am | lanka C news
ඉහල වටවල වන රක්ෂිතයක ගින්නක්…

හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන වටවල  ඉහල වටවල ප්‍රදෙශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසිය.

ඉහල වටවල දුම්රිය ස්ථානයට ඉහලින් ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 10 පමණ  කොටසක්  මේ වන විට ගිනිගෙන විනාශ වි ඇති බව  වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේය.

පැතිර යන ගින්න පාලනය කිරිමට වන අඩවි නිලධාරින් , වටවල ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව ෆයිනස්  වන වගා රක්ෂිතයට  ඇතුල් වි ඇති බව හැටන්  අඩවි වන කාර්යයලයේ නිලධාරියෙකු කියා සිටියේයි.

කිසියම් පිරිසක් මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට ගිනිතබන්නට ඇති බව වටවල පොලිසිය සැක කරයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

356 views