ඉහල විධායක නිලධාරීන් තොගයක් ගංජා උරද්දී පොලිස් අත්අඩංගුවට ගනී..

August 22, 2018 at 12:06 am | lanka C news
ඉහල විධායක නිලධාරීන් තොගයක් ගංජා උරද්දී පොලිස් අත්අඩංගුවට ගනී..

මෙරට ප‍්‍රධාන පෙලේ ආයතනවල විධායක නිලධාරීන් දස දෙනෙකු ගංජා පානය කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලීසිය පවසන්නේ මෙම පිරිස ගාලු මුවදොර හෝටලය ආසන්න වෙරලේ ගංජා සුරුට්ටු 08ක් පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් තවත් ගංජා සුරුට්ටු කිහිපයක් සොයාගත් බවත්ය.

කොල්ලුපිටිය පොලිසියට ලද ඔත්තුවක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි පිරිස ඔවුන්ගෙන් වැඩි පිරිස කොලොන්නාව ප‍්‍රදේශටේ පදිංචිකරුවන් යයිද සදහන්ය.

273 views
Main News