ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතුකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි…

July 28, 2019 at 8:40 am | lanka C news
ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතුකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඊමේල් පණිවිඩ හරහා විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නාමයන් මගින් තමාව හදුන්වාගන්නා යම් පිරිසක් ඔවුන් විසින් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැයකරමින් සිදුකිරීමට යන සමාජ ආයෝජනයක් සදහා ඔබගේ උපකාර බලාපොරොත්තු වනබව දැනුම්දෙමින් ඊමේල් පණිවුඩ එවීමේ ප්‍රවණතාවයක් හටගෙන ඇත.

මෙවැනි ඊමේල් පණිවිඩ සැළකියයුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකට ලැබී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්වාස කරන අතර මෙවැනි ඊමේල් පණිවිඩ ඔබ වෙත ලැබුනහොත් එම ඊමේල් පණිවිඩ සදහා ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න යැයි අප සංගමය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

– ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

75 views
Main News