ඊයේ ආසාදිතයන් 90000 පනී.. කොරෝනා කේන්ද‍්‍රය ඉන්දියාව වෙයි.. අද බ‍්‍රසීලය පරදා ලොව දෙවැනි තැන ගනී..

September 6, 2020 at 8:02 am | lanka C news
ඊයේ ආසාදිතයන් 90000 පනී.. කොරෝනා කේන්ද‍්‍රය ඉන්දියාව වෙයි.. අද බ‍්‍රසීලය පරදා ලොව දෙවැනි තැන ගනී..

ඊයේ දිනයේදීද ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තාවිය.

ඉන්දියාව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 90600ක් හදුනාගෙන ඇත්තේ එක් දිනක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා කරමිනි.

ඊයේ දිනය තුළ ලොව වැඩිම කොරෝනා මරණ ප‍්‍රමාණයද ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය 1044කි.

මේ වන විට ඉන්දියාව කොරෝනා ආසාදිතයන් අනුව ලොව 03 වන ස්ථානයේ පසුවන්නේ 02 වන ස්ථානයේ පසුවන බ‍්‍රසීලයට වඩා ආසාදිතයන් 20,000ක පමණ පරතරයකිනි.

බොහෝ දුරට අද දිනය ඇතුළත ඉන්දියාව ලොව දෙවැනි තැනට පත්වීමට ඉඩකඩ තිබේ.

14,961 views