ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති

November 22, 2020 at 9:20 am | lanka C news
ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවත් ඔහු පැවසීය.

ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමේ ප්‍රමාදය මත වාර්තාවන් ඊයේ දිනයේ මරණ සඳහා එම සියල්ල එකතු වී ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකච්චාවකට එක්වෙමිනි.

29,444 views

13 Comments to “ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති”

  1. Godaya says:

    ඕක ඔච්චර වැදගත් ප්‍රවෘත්තියක් ද. අන්තිමට එකතුව හරි නේ .

  2. Uddika Amarasinghe says:

    මරණ සිදූ වූ දිනය නොවේ වැදගත්. මේ වනවිට සිදුවී ඇති මරණ සංඛ්‍යාවයි.හමුදාපතිතුමා මේ කීමට වෙර දරන්නේ දිනකට සිදුවන මරණ ප්‍රමාණය අඩුයි යන්නයි.මොනවා උනත් මේ මැරෙන්නේ කොරෝනා නිසා බේරගන්න බැරි වුණ මිනිස්සුය.

    • Disce ammata discede says:

      ලංකාවේ මැරෙන්නේ ඉතාම අඩුවෙන් කොහොමත් ලෙඩ්ඩු. මෙහේ බය නම් පිට රට යන්න.

  3. ලොක්කා says:

    ලෙඩා මළත් බඩ සුද්දයි. ලොක්කා

  4. sumudhu says:

    බස්නාහිර පළාතේ පදිංචි අය පිට පළාත්වල සංචරණය කිරීම දෙසැම්බර් 31 දක්වා වහා අත් හිටවන්න

  5. Banku hora says:

    කෙසේවෙතත් ඊයේ දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සටහන්ව තිබුණේ මරණ 9ක් 21 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවකි.

  6. Gamarala says:

    කොරෝනාවට හෙළ ඔසු ලබා නොදීමේ වරද.

  7. Jagath says:

    අනේ මේ මනුස්සයා එයාට හොදට තිබුණු ගෞරවය නැති කරගන්න හදන්නේ. මේ දේශපාලන මඩගොඩට වැටිලා.

  8. SL MAN says:

    Why is this Man Shavendra giving statements? has he got any professional qualification to represent SL on medical grounds during the Pandemic?

  9. SL MAN says:

    Why is this Man Shavendra giving statements? has he got any professional qualification to represent SL on medical grounds during the Pandemic?
    Reply

Leave a Comment

Main News