ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති

November 22, 2020 at 9:20 am | lanka C news
ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවත් ඔහු පැවසීය.

ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමේ ප්‍රමාදය මත වාර්තාවන් ඊයේ දිනයේ මරණ සඳහා එම සියල්ල එකතු වී ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකච්චාවකට එක්වෙමිනි.

29,444 views

13 Comments to “ඊයේ කොරෝනා මරණ 09න් 05ක් ඊයේ සිදු වූ ඒවා නොවේ..- හමුදාපති”

  1. කැලේ නරියා says:

    මට විතාරද හිතෙන්නේ මේ ආණ්ඩුව නෙමේ එකේ ඉන්න කොන්දොස්තර ලත් ගැල් කියලා.

  2. Citizen says:

    Mu waga gobba Katha karana akak dakkamaiee lajjaiee hrigithaiee

Leave a Comment

Main News