ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…

October 16, 2021 at 11:20 am | lanka C news
ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…

හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රොකට් වේගයෙන් වැඩි වීමට මෙම මුදල් අච්චු ගැසීම හේතුවී ඇත.

2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා වසර 70 ක් පුරා අච්චු ගසා තිබූ මුළු මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල පමණක් අච්චු ගසා ඇතැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 ක් පමණි.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි.

පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාවට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.

2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

48,514 views

12 Comments to “ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…”

  1. ARA says:

    හරියට හොයල බලලා ..මහා බැංකු වාර්තාවත් එක්ක ඉදිරිපත් කරපල්ලා …නිකන් හිටගෙන බොරු කියන්නේ නැතිව

  2. Johnny says:

    Shaaaaaa…👍👍👍👍👍

  3. ජනජය says:

    අනේ හිටපු ආණ්ඩුකාරයො..තෝ දැං මෙතන කෙකර ගාන්නෙ තොට දැං තොගේ කොටහ නොලැබෙන නිසාද ?..තෝත් මේ සිස්ටම් එක ඇතුලෙ ඉන්නකොට මොනාද රට වෙනුවෙන් කළේ..?…එතකොට රටේ වැරදි තිබුන් නෑ නේද?

  4. Achala Silva says:

    මුදල් මුද්රණය කිරීමට වඩා හොඳය. එවිට අපට වැඩිපුර මුදල් තිබේ නම් අපට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගත හැකිය.අපි අපේ ජනාධිපතිව විශ්වාස කරනවා. ඔවුන් විශේෂඥයෝ ය. ඔබ ඔවුන් සමඟ ඊර්ෂ්‍යා කරයි.

  5. SL says:

    ගොඩාක් අය‍ට පිටින් ඉඳගෙන කියන්න පුළුවන් මුදල් අච්චු ගහන්න එපා කියල , අච්චු ගහන එකේ අවුලක් තියෙනවා තමයි , කොවිඩ් අස්සේ හැබැයි ආණ්ඩුවට බදු සල්ලි නැහැ , ලැබෙන එකත් හොරා කන නිලධාරි පලන්තියකුත් ඉන්නවා ,පඩි ගෙවන්න ඕනේ, රටේ අභ්‍යන්තර මුල්‍ය ප්‍රතිපාධන වලට සල්ලි ඕනේ. ණය ගන්නත් එපාලු, දේපල වික්නන්නත් එපාලු , අච්චු ගහන්නත් එපාලු. මොන හු ** ද රජයට ආදායමක් ලැබෙන්නේ .

    විවේචනය නොකර, කරන්න ඕනේ දේ පැහැදිලිව ගණන් හිලවු ඇතිව කියපල්ලා

  6. Jagath says:

    විපක්ෂේ ඉද්දි සල්ලි අච්චු ගැහුවොත් උද්දමනය වැඩි වෙනවා. ආණ්ඩුව වට ආවට පස්සේ එහෙම වෙන්නේ නෑ. බෛයි ලොජික්‌. කෝ මේ බන්දුල ගුණවර්ධන කියන එකා 😄😄😂

  7. පා ගූදෙණිය says:

    සල්ලි ගෙදරදීම අච්චු ගහ ගන්න. පිටින් ගන්න එපා.

  8. nimal says:

    මුන් යන්නේ රටම ඉවර කරලා කන්නත් නැති කරලා.

    • Critics says:

      රට කරන විදියක් වරථමාන තත්වය එක්ක කියපං කො උගතා

      • Jagath says:

        පවුලේ කට්ටිය හොරකම් කරපු ඩොලර් වලින් බාගයක් ලංකාවට ගෙනාවා නම් රටම ගොඩ.

  9. Lol says:

    රාජපක්ෂ මෝඩ හරක් රට කනවා.මුං ඔක්කොම හොරා කාල ජනතාවගෙ යට ඇදුමත් විකුණල තමයි පස්ස බලන්නෙ.එදාටත් රාජපක්ෂ ගූ කන බයියන්ට තෙරෙන්නෑ

  10. Sajja de Sereppu says:

    අච්චු ගහල කියලා කෑ ගහනවා අදත් ලැබුනේ රවි කරුණානායක මුදල් ඇමති ගෙ අත්සන තියෙන ඒවා.

Main News