ඊයේ පිරිස මුලතිවුවල සතුටින් නිරෝධානයේ.. ‘ස්ටාලින්ට ඇදුම් ගෙනිච්චා’ කියන නිසා අරන් ගියේ නෑ..

July 9, 2021 at 12:00 pm | lanka C news
ඊයේ පිරිස මුලතිවුවල සතුටින් නිරෝධානයේ.. ‘ස්ටාලින්ට ඇදුම් ගෙනිච්චා’ කියන නිසා අරන් ගියේ නෑ..

උද්ඝෝෂණ සහ විරෝධතා වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම නතර කරන්නේ නැති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

නිරෝධායන පනත අනුව නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිට කරන ලද නියෝගයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන බව ද ඔහු පැවසීය.

මහජනතාව විශාල වශයෙන් එක්වන උද්ඝෝෂණ විරෝධතා හේතු නිසා කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරී යන වනු ඇති බවත් එනිසා ඒවා නතර කිරීමට වහා පියවර ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

එසේ අත්අඩංගුවට ගන්නා ඇතැම් පිරිස් වලට අධිකරණයෙන් ඇප හිමි වුවද නිරෝධායනය සඳහා යැවීම හෝ නොවීම තීරණය කරනු ලබන්නේ පොලිසිය විසින් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවද ඔහු තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව හෙළි කළේය.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස මේ වන විට මුලතිවුහි නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සතුටින් සිටින බවත් ඔවුනට ඇදුම් පැලදුම් ලබා ගැනීමට තමන් මැදිහත් නොවුනේ ‘ස්ටාලින්ට ඇදුම අරන් ගියා’ යයි තමනට විවේචන එල්ල වන නිසා බවද තව දුරටත් පැවසීය.

47,014 views

15 Comments to “ඊයේ පිරිස මුලතිවුවල සතුටින් නිරෝධානයේ.. ‘ස්ටාලින්ට ඇදුම් ගෙනිච්චා’ කියන නිසා අරන් ගියේ නෑ..”

  1. හසිත says:

    මෙයාලටත් ඇදුම් ගෙනිච්ච ද පුස් වෙඩිල්ල

    • Nalin says:

      ලංකාවේ අධ්‍යපනය විනාශකරන ස්ටර්ලින් කියන එන් ජී ඕ කාක්ක නිරෝධායනයෙන් පසු දින 90ක් රැදවුම් බාරයේ තැබිය යුතුයි. චීනයේ වගේ උද්ගෝශණ කරන උන්ට වෙඩි තැබිය යුතුයි. ඒ රට දියුණු උනේ එහෙම කරල

    • අපි ගොන්නු නොවේ....! says:

      අනේ රනවිරු සරා ඔයා ඇඳුම් ගෙනියන්නෙ සුදු කෙල්ලන්ට විතරයි නේද?

      • ජහපාලානේ says:

        ඔව් ඇයි අවුල්ද? උඹලගෙ ජහපාලානේ කාලෙ නම් කොල්ලන්ටමයි … ගෙනිච්චේ නේද පොන්සියො?

  2. බුමින් says:

    ටීචර් කක්කා බලන අය මෙහි යට reply කරන්න

  3. Truth says:

    පුස් 🖕🖕🖕

  4. LalithM says:

    උදේට හවසට දුවන කෝච්චි ටික දිහා කොටුව දුම්රිය ස්ථානයට ගිහින් ඇස් දෙකෙන් හොඳට බලලා කොරෝනා ව්‍යාප්ත කිරීමට දායක වන්නේ කවුද කියලා බලනවා. උද්දච්ච විදියට ඔලුව ඉදිමුණ මේ වගේ අය නිසා තමයි රජයේ ආයතන අපහසු තාවයට පත් වෙන්නේ.පුලුවන් නම් ආරක්ෂක නිලධාරීන් නැතිව පාරේ අඩි දෙකක් ගිහින් බලන්න මිනිසුන්ගේ ප්‍රතිචාර.

  5. Jude perera says:

    Ammata siri jangi sara

  6. Citizen says:

    There were huge gatherings of people all over the country firing crackers including Kolonnawa yeaterday but nobody was arrested. I dont know why?

  7. ජිම් පුතානෝ says:

    හංසමාලිට සුන්දර බණ්ඩාරවෙල නිරෝධානය .

  8. Darshana abayakoon says:

    රටේ ප්‍රසිද්ද නිරූපිකාවකට අදුම් ටිකක් යවන්න බැරි නම් පොලිස් ඇමතිකමෙන් වැඩක් තියෙනවද? අනික සාලින් ජංගි අදින් නෑ නේ.අදිනව නම් අති ගරු සර්ත් ඇමති තුමාට දෙක තුනක් යනන්න තිබ්බා.

  9. janatha says:

    නීති කැලේ.. හොරු කුඩ්ඩො රජවෙලා..මර්දනේ විතරයි.. . ලැජ්ජයි සර් ලැජ්ජයි

  10. janatha says:

    එතකොට දන්සල් දීපු මිනිස්සුන්ට, පාරවල් වල ජයඝෝෂා පවත්තපු අයට මොකද්ද නීතිය…?