ඊයේ රාත්‍රී ජනාධිපති රැස්වීමේදි එජාපයට වචනයකුද දොස් නොකියු මෛත්‍රීවාදින් දිගට හරහට මහින්දගේ කණ්ඩායමට පහර ගසයි..

March 28, 2017 at 10:40 am | lanka C news
ඊයේ රාත්‍රී ජනාධිපති රැස්වීමේදි එජාපයට වචනයකුද දොස් නොකියු මෛත්‍රීවාදින් දිගට හරහට මහින්දගේ කණ්ඩායමට පහර ගසයි..

ශ්‍රිලනිප පලාත් සභා මහ ඇමතිවරු ඇතුළු පලාත් සභා ඇමතිවරු හදිසි සාකච්ඡාවක් සඳහා ඊයේ රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කැදවා තිබු අතර එම සාකච්ඡාවට එම පිරිස හැරුණු කොට ජනාධිපතිවරයා සමඟ ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවෙන් පත්කල මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පමණක් ජනාධිපතිවරයා විසින් සහභාගි කරවා ගෙන තිබීම විශේෂත්වයකි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පැවත්වෙන පලාත් පාලන මැතිවරණය මෙන්ම පලාත් සභා මැතිවරණ 3 සම්බන්ධව ද මේ වසරේ ස්ථිරව පැවත්වෙන බවට ඉඟියක් ලබා දුනි.

දකුණු පලාත් සභා ඇමති යූ ජී ආරියතිලක විසින් පසුගිය දා මහින්ද පාර්ශවය පැවත් වූ ගාල්ල හබරාදූව රැස්වීම සම්බන්ධව කරුණු දක්වමින් එම රැස්වීම පැවත්වුනේ පර්චස් 68 ක ඉඩමක බැවින් ගාලු පාර සම්පූර්ණයෙන් අවහිර වූ බවටත් පැමිණි ජනතාවගේ අඩු බවක් පවසමින් විවේචනයක යෙදුන අතර ඔහු මෑතකදී වෛද්‍ය රමේෂ් පතිරණ අක්මීමන ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කොට අලුතින් පත් කල සංවිධායක වූ බැවින් වැඩි දෙනෙකුට එම විවේචනය ඇල්ලුවේ නැත. බස්නාහිර පලාත් සභා ඇමති තිලකසිරි විසින් කොළඹ දිස්ත්‍රික් මහින්ද පාර්ශ්වයේ අභියෝග සම්බන්ධව තමන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු සම්බන්ධව විස්තර කල අතර ලබන වර මැතිවරණ පැරදුනත් තනිවම ඡන්දයට ඉදිරිපත් විය යුතු බව ප්‍රකාශ කලහ.

රැස්වීම විශේෂ තීන්දු තීරණ කිසිවක් නොගෙන සුපුරුදු පරිදි අවසන් වූ අතර වෙල්ගම ඇතුළු හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට පෞද්ගලික වන සේ කිහිප දෙනෙකු විසින් විවේචන එල්ල කල අතර මහින්ද පාර්ශ්වයේ නීයෝජන කරමින් සිටින කණ්ඩායමක් ඉතා නිහඩව මෙන්ම සුහදව සියලු කතා සාවදානව ඇහුම්කන් දෙමින් සිටින වගක් නිරීක්ෂණය විය.

160 views