ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

November 25, 2021 at 10:00 am | lanka C news
ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.

213,539 views

25 Comments to “ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..”

  1. NuwanJ says:

    හැම දේකම වරදක් දකින්න එපා. මෙක විවෘත කිරීමට පෙර මාධ්‍යවලට
    ව්‍යාපෘති නිලදාරිනිය කිව්වෙ උත්සවයෙන් පස්සෙ දවසක් නැවත පිරිසිදු කිරීම් වලට වහල
    පසුවදා මහජනතාවට යන්න පහසුකම් සලසන බවයි. ඒකම තමයි වෙලා තියෙන්නෙ

    • APerera says:

      ඔව් ඔව්. දේශපාලුවො ගියාට පස්සෙ මහජනයට දෙන්න ඉස්සෙල්ලා නැවත පිරිසිදු කරන එක හොඳයි.

      • Damian says:

        දේශපාලුවෝ හා ජනතාව අතර වෙනස කුමක්ද?
        දේශපාලුවෝ යනු මහජනතාවගේම කොටසක්.

    • Ashan perera says:

      Sahathika aththa. Set ekak ennawa hamadekama waraddamai hoyanne. Mokak wath karanna ba.

  2. Sampath says:

    Lankawe siyalla dannawa kiyala hithana baka pandithayo godak innawa. E unata danna magulakuth ne….

  3. මෝ says:

    අලුතෙන්ම විවුර්ත කල ගමන්ම නඩත්තු කාටයුතුත් තියෙනවද?ලංකාවෙ එහෙමවෙන්ඩැ.නෙලුම් කුලුනත් එහෙමද ආයිබොවං?

Leave a Comment

Main News