ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

November 25, 2021 at 10:00 am | lanka C news
ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.

214,585 views

25 Comments to “ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..”

  1. මහජනතාව says:

    මේ පාලම සඳහා සල්ලි දුන්න ජපන්නුන්ට ඊයේ ඔය උත්සවයේදී නිසි තැනක් දුන්නෙ නෑ වගෙයි නේද ? හරි නම් ඕක විවෘත කරන්න තිබ්බෙ ජපන්නු

    • Jayanath says:

      ජපන් තානාපතිතුමා සියලුම ජපන් ජනතාව වෙනුවෙන් උත්සව සභාව ඇමතුවා. ජපානයෙත්, ලංකාවෙත් කල්‍යාණ මිත්‍රත්වය 1953 ඉඳන් පැවතෙන බවත් කිව්වා. ඒ වගේම ජයිකා එකේ නිලධාරීනුත් ආවා.

    • Palama says:

      Japanata kiyala aravagathanam Hondai.

  2. Citizen says:

    We seem to be on the reverse gear permanently…

  3. පිස්සු පාලකයා සහ රතු නූල් මෑණියෝ says:

    අනුරාධපුරේ මෑණියන්ගේ වෙලාවට පටන් ගන්න එපැයි . open කරලා එක රැයෙන් නඩත්තු කටයුතු එන්න පාලම රොකට් එකක් වගේ අධි-තාක්ෂණික ,sensor ගොඩක් තියෙන එකක් වෙන්න ඕනේ .
    ලබන සතියෙත් නඩත්තුවට වහනවා ද ?

    • Gamini Vithanachchi says:

      මේ උත්සවයට කලින් තිබුන වැඩසටහනකදි ව්‍යාපෘති නිලදාරිනිය කීවෙ උත්සවයට පසුව පාලම වසා පිරිසිදු කර ඉන් පසුව ජනතාවට ගමන් කලහැකි බවයි.

      • මහදැනමුත්තා says:

        පාලම හරියට හදලා නැද්ද ? බොරුවටද විවෘත කලේ ? කාවද මේ රවටන්නේ ?

  4. Dp says:

    දෙවැනි වර විවෘත කිරීම ඔටුන්න හිමි කුමරු ද

    • Sony says:

      Second opening will be done by prime minister to be in future…

      • හෙළයා says:

        පාලම් ,පාරවල් හදා ජනපතිලා ,අගමැතිලා විවෘත කරන එකම රට ලංකාව නේද ? මේ උත්සව වලටය යන වියදමට රටේ වෙනත් පාරක් පාලමක් අලුත්වැඩියා කිරීමට පුළුවන් නේද ? රටේ ආර්ථිකය කඩා වැටිලා නම් මොකටද මේ බොරු උත්සව පවත්වන්නේ ? හදපු පාලමේ වැඩ ඉවරවිමට පෙර විවෘත කලේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඇති පිළිකුල නැති කිරිමට කල රැවටීමක්ද

    • MD says:

      ඕකට සිංහල භාෂාවෙන් කියන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඉහවහා ගිහින් කියලයි.සතුටු වෙයල්ලා රටේ සංවර්ධනයට.හැම වේලෙම තුන් වේල ගැනම හිත හිතා හිටියොත් රටක දියුණුව බල්ලට දාන්න වෙයි.බඩගොස්තර වාදී දේශදෝහි දේශපාලුවන්ගේ බත්බැලයෝ නොවී රට යහපත ගැනත් හිතන්න.

  5. බන්ඩා says:

    නව ක්‍රමයක්. 🤣

  6. නැවත උත්සවයක් says:

    නැවත විවෘත කිරීමේ උත්සවය දෙසැම්බර් 2 සවස 6ට

  7. desta says:

    are jhonsta gon nambbata tawath horakanna wenna ethi wahanna ettha gon janadipathi yai hora takkadi rajapaksa anduwai rata kanawa thuk prethayo

  8. MD says:

    අපිට නිදහස ලැබුනා 1948.දැන් අවුරුදු 73ක් ඔය පාලම නැතුව ගමන් කලත් මේ දවස් 2ක ඉවසගන්න බැරුව කී දෙනෙක් අද උදේ පාන්දර රාජපක්ෂ පවුලේ සියලු දෙනාටත් ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවට සහාය දෙන මැති ඇමතිවරුන් කී දෙනෙක්ගේ පවුලේ අය මතක් කරලා ආශිර්වාද කරන්න ඇතිද නේද?🤣🤣🤣

  9. මාක්ස්වාදී ජෙප්පා says:

    අනුරාධපුරයේ මෑණියන්ගෙ බලපරාක්‍රමය. මිත්‍යාදෘෂ්ටික මිනිසුන් විසින් මිත්‍යාදෘෂ්ටිකයො බලයට පත්කලාම සිද්ධවෙන අලකලංචි මේවා. අහෝ ලක්මෑණියනි.

  10. Sri Lankan says:

    Maintenance before opening.

Leave a Comment

Main News