ඊයේ වූ මහා පිපිරුමේ සත්‍ය කතාව මෙන්න.. තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම අනතුරක බව නාසා කියයි..
October 19, 2017 at 9:20 am | lanka C news
ඊයේ රාත්රියේදී රට පුරා ප්‍රදේශ කිහිපයකින් දිස්වූ දීප්තිමත් අලෝකය හා ඇසුනු අධික ශබ්ධය ‘ෆයර් බෝල්’ වර්ගයේ උල්කාපාතයක් නිසා වූවක් වීමේ වැඩි ඉඩක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ අංශයේ අධ්යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරයි.
දකුණු පළාත්වාසී ජනතාවට මෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව ආදී පළාත්වන ඇතැම් ප්‍රදේශවලට මෙය දර්ශණය වී ඇති බව වාර්තා වෙයි.
පෘථිවිය මේ දිනවල කක්ෂගතව ඇත්තේ ඔරියොනිඩ් උල්කා පද්ධතියේ ගමන් මාර්ගය අතරිනි. වසර 76 කට වතාවක් හිරු දෙසට එන හේලීගේ වල්ගා තරුවෙන් අවකාශයට මුදාහැරෙන විවිධ ප්‍රමාණයේ ග්‍රහ වස්තු කැබලි සිය දහස් ගණනක වළාකුලක් ආකාරයෙන් මෙම උල්කාෂ්ම පද්ධතිය සෑදී තිබේ.
එම කලාපය අතුරින් පෘටිවිය ගමන් කරද්දී විවිධ ප්‍රමාණයේ කොටස් පෘථිවා වායු ගෝලයට ඇතුළු වී විනාශ වෙයි.
මේ වසරේදී ඔරායනිඩ් උල්කාපාත වැස්ස ඉහලම තීවෘතාවකින් පෘථිවියට එන්නේ අද සිට ඉදිරි දින තුන දක්වා කාලයේදීය.
මේ අතර නාසා ආයතනය හෙලි කරන්නේ අධික වේගයෙන් තාරකා දෙකක් ගැටීම නිසා විශ්වයම සෙලවීමකට ලක්ව ඇති බවයි.
පෘථිවියට ආලෝක වර්ෂ 130ක් පමණ ඈතින් සිදුව ඇති මෙම ගැටුම නිසා සමස්ථ විශ්වයේම ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී ඇති බවද ගැටීම නිසා ගැමා කිරන නිකුත් වී ඇති බවත් ඔවුන් සදහන් කරයි.
යහපාලනය මේ යන යෑමේ හැටියට ග්‍රහ ලෝක නෙමේ “ ඉරයි හදයි ළගදීම ඔය වගේ එකට ගැටෙනවා හිටං.
ඕක ග්‍රහලෝකෙක කෑල්ලක් වෙන්න බැහැ. ටෙලස්කෝප් එකකින් වත් අහස බලා නැති උනාට NASA එකේ එවුන්ටත් වැඩිය අපේ ජෝතිර් කාරයෝ ග්‍රහලෝක ගැන දන්නවා. මුන් ලංකාවේ මහබැංකුව හොරකම් කරාට මදිවට තයිවානේ බැංකුත් කdපු නිසා තායිවාන් කාරයෝ අපිව බයකරන්න එවපු එකක් හරි රෝහිතගේ රොකට් එකේ කැල්ලක් වෙන්නත් බැරි නැහැ ඇමෙරිකාවේ NASA එකත් ලංකාවේ සුමනදාසගෙන් තමයි ග්‍රහලෝක ගැන දැනගන්නේ
Two stars collide and observed by Sri Lankans….I am living in France and no one here heard or have observed this kind of thing…this is total bull…. SLAF received the new YF-17 fleet last week and they were testing them in low altitude breaking sound barrier. What people in Sri Lanka heard was the “Sonic Boom”.
That asteroid was fallen in Sri Lankan waters and not in France, How can you hear that? Who is bluffing?
Pilot was not referring to the stars being collided in 130 light years not falling an asteroid in Sri Lanka. Learn to read English and understand the meaning.
Pilot was referring to the stars being collided in 130 light years not falling an asteroid in Sri Lanka. Learn to read English and understand the meaning.
මචන් ප්‍රන්සේ ලොකුද ?
ආලෝක වර්ෂ 130 ක් දුරින් ඇති සූර්ය යන් ගැටුනේනම් මෙය සිදුවී ඇත්තේ දැනට වර්ෂ 130 කට පෙරාතුවය. එහි බලපෑම අප වෙත එන්නේ දැන් බව පෙනේ.