ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බටහිර තානාපති කාර්යාල නිදිමරා මහන්සියෙන් දැවැන්ත ප්රයන්තයක් දරා ගත් ප්‍රතිඵලයක්..
December 14, 2018 at 3:00 pm | lanka C news
ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
එක්සත් ජාතික පක්ෂ මුලින්ම විධායක බලය පාවිච්චි කරලා සීමා නිර්ණ වාර්තාවට මුවා වෙලා පුංචි ඡන්දය වසර තුනකින් කල් දැම්මා. එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාදායක බලයට මුවා වෙලා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරලා පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැම්මා. මෙදාපාර අධිකරණ බලයට මුවා වෙලා පාර්ලිමේන්තු මැතිවරණයත් 2020 මාර්තු දක්වා කල් දාන්න එහෙම නැත්නම් 2020 අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කරන තියෙනවා. ඒ නිසා අද ප්රජාතන්ත්රවාදය කියන්නේ කුමක් ද කියන ප්රශ්නය මතු වෙලා තියෙනවා. ඊයෙ ඇවිත් මං තමුන්නාන්සේලාට පැහැදිලි කළා ජම්බු කාශ්මීර පළාත් සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අද මට කියන්න තියෙන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලා තමයි. ඒ අනුව බටහිර තානාපති කාර්යාල නිදිමරාගෙන මහන්සිවෙලා දැවැන්ත ප්රයන්තයක් දැරුවා මේ ප්‍රතිඵලය ලබා ගන්න. ඔවුන්ට අනුව නම් ප්රජාතන්ත්රවාදය කියන්නේ මැතිවරණ නො පැවැත්වීමයි. මැතිවරණ වලට ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීම අයිතිය අහිමි කිරීමයි. එහෙනම් අපිට කියන්න තියෙන්නේ ප්රජාතන්ත්රවාදයට ජයවේවා කියලා විතරයි.
ප්රශ්නය
දැන් ඔබතුමන්ලගේ ඊළඟ පියවර මොකක්ද 113ත් ඔබතුමන්ලාට පාර්ලිමේන්තුවේ නැති අවස්තාවක ඉන්නේ
පිළිතුර
ඊළඟ පියවර කුමක්ද කියා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවෙලා අද දින සාකච්ඡා කරලා තීරණය කරන්න නියමිතයි. අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැලා යන්න සූදානම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් වන පස්වන වරටත් අගමැතිධූරය භාරගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. එය සුදු අධිරාජ්‍යවාදී යුගයක් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.
ප්රශ්නය
අද දින තීන්දුවෙන් පේන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කැඩුවා කියන එකද
පිළිතුර
මෙතෙක්කල් ඇමති මණ්ඩලයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වෙලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මං හිතන්නේ සිය ගණනක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත වගන්තියක් කඩ කරනවට වඩා කිව්වේ 12 (1) වගන්තිය ඒ කියන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන ආරක්ෂාවක් ලැබිය යුතුයි කියන වගන්තිය කඩ වුණා කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. එය ව්‍යවස්ථාව කඩ වුණාය කියලා සැලකීමක් කළ හැකිද යන්න පිළිබඳව මං හිතන්නෙ අනාගතයේදී නීති සාහිත්‍යය තුළ තීරණය වේවි.
– අරවින්ද අතුකෝරල
Onna gembo ..me kathawatath umbata nadu