ඊශ්‍රායල් තරුණියකගේ සුවදුක් බලන්න ඇමති ප‍්‍රසන්න යයි…

September 30, 2021 at 8:02 am | lanka C news
ඊශ්‍රායල් තරුණියකගේ සුවදුක් බලන්න ඇමති ප‍්‍රසන්න යයි…

රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය.

සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත. ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටී තිබේ. ඇයව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වී ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ. ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුව වෙමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.

29 උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇයගේ සුවදුක් විමසා බැලීය. 30 ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය.

තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.

– ප්‍රදීප් අනුර කුමාර

45,971 views

10 Comments to “ඊශ්‍රායල් තරුණියකගේ සුවදුක් බලන්න ඇමති ප‍්‍රසන්න යයි…”

  1. kella says:

    මේක හොඳ දෙයක්, මේක ඒ කෙල්ල ලවා අන්තර්ජාතික ප්‍රසිද්දියක් ලබා දිය යුතුයි.

  2. ගෞම් ඊයාරාජ් says:

    උම්මා දේවී පාර්ටූ ටූ ගලෙන් වැටුන කුමාරිය විත් ප්‍රසා ! 😂😂😂

    • kamal says:

      ඊයා ගොමරාජ්යකෝ හොද දේ හොදයි කියන්ඩ පුරැදුවෙයන් ලෝකේ උඹ හිතනවාට වඩා ලස්සන වෙිවි. හැමදේම දේසපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා

  3. 3% ට බය බයියා. says:

    තංගල්ලේ කේස් එක වුන වෙලාවේ නම එවකට හිටපු සංචාරක ඇමති ඔය වගේ රෝහලේ ගානේ බඩ ගෑවේ නැහැ .

    • kamal says:

      ඊයා ගොමරාජ්යකෝ හොද දේ හොදයි කියන්ඩ පුරැදුවෙයන් ලෝකේ උඹ හිතනවාට වඩා ලස්සන වෙිවි. හැමදේම දේසපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා

  4. chula super model- sirasa says:

    GREATE PRASANNA SALUTE YOU

  5. 3 දකින කෝණය (සීයට 3 ඇ!) says:

    මෙච්චර දහස් ගණන් වලින් මිනිස්සු රෝහල් වල ඉන්නවා කොරෝනා හැදිලා අසරණ වෙලා, ආවද සංචාරක ඇමති බලන්න…ආවද ? අම්මපා! ලැජ්ජයි! අර ඇල්ලක නාන්න් ගිය කපල් එක හිර බාරයට ගත්තා ආවාද සංචාරක ඇමති ආවද?… ලැජ්ජයි…. අර ගුරු උද්ගෝෂණ වලට ගිහිං කොරෝනා හැදිලා ඉස්පිරිතාල වල ඉන්න පීඩිත පංතියෙ ගුරු සහෝදරයො බලන්න ආවද මෙහෙම? අම්මපා! ලැජ්ජයි

  6. Upul Attanayake says:

    Great minister 👍
    I wish her quick recovery!!! May triple Gem’s….
    Thank you for all Sri Lankan to contribute made good health systems in the contry.
    Thank you for all health Staff…..
    May triple Gem’s you Alll…..

    • Prasanna Ratnayake says:

      If minister does not know the true story how will the world know and will they appreciate us

Main News