ඊශ්‍රායලයේ කෘෂි තාක්ෂණය දයාගේ නිරීක්ෂණයට…
September 23, 2017 at 2:19 am | lanka C news
කෘෂිකර්මාන්තයේදී ඊශ්‍රායලය භාවිතයට ගන්නා නවීන තාක්ෂණික සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට, පසුගියදා එරට සංචාරයක යෙදුණු ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසකට හැකි විය.
ඒ අතරින් ක්ෂුද්‍ර වාරි තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ, කෘෂි නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුවට එමගින් සුවිශේෂීවූත්, ඵලදායීවූත් , දායකත්වයක් ලබා දෙන නිසාය .
ඊශ්‍රායලය යනු සියයට 60ක් ජලය ප‍්‍රතිචකී‍්‍රකරණය කර භාවිතයට ගන්නා රටකි.
එරට පැවති වෝටෙක් ප්‍රදර්ශනය ද නැරඹූ ශී‍්‍ර ලාංකික දූත පිරිස, ජලය සම්බන්ධයෙන් උද්ගත වන ගැටළු විසඳන ආකාරය ද නිරීක්ෂණය කළ හ.
විදේශ කටයුතු හා වාණිජ කර්මාන්ත අමාත්‍යංශවල නිලධාරීන් සමග පැවති හමුවකදී කෘෂිකර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් ඊශ්‍රායලය තොරතුරු තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කෙරෙනි.
ශී‍්‍ර ලංකා-ඊශ්‍රායල වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සාකච්ඡුාවකට ද ගමගේ මහතා ඇතුළු පිරිස සහභාගී වූහ .
ගස්වලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට නිපදවා ඇති උපකරණයක් ද ඔවුන්ගේ නිරීක්ෂණයට භාජනය විය.
දිනකට එළදෙනකගෙන් කිරි ලීටර් 32ක් වැනි ඉතා ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්නා ඊශ්‍රායලය ඒ සඳහා අනුගමනය කරන පියවර සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත් විය.
කාබනික වගාවේදී ආරක්ෂක ගෘහ භාවිතය සිදු කෙරෙන ආකාරය ද සොයා බැලූ ශී‍්‍ර ලාංකික දූත පිරිස තහල් ප්‍රදේශයේ පිහිටි මිදි වගාවක් ද නිරීක්ෂණය කලහ..
– ජෝර්ජ් ද සිල්වා