ඊළග ණය වාරිකයට පෙර තවත් බදු ගහන්නැයි IMF දන්වයි..

September 26, 2016 at 4:40 pm | lanka C news
ඊළග ණය වාරිකයට පෙර තවත් බදු ගහන්නැයි IMF දන්වයි..

2017 වසර වෙනුවෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් ලංකාවේ බදු ආදායම තව දුරටත් ඉහළ නංවා ගැනීමට කටයුතු කල යුතු යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෑතකදී ඉහල දමන ලද වැට් බදු සංශෝධනද කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවද මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ කණ්ඩායම් ප‍්‍රධානී ජේවු ලී මහතා කියයි.

2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමට බදු ආදායම නංවා ගැනීම නිසි ලෙෂ ක‍්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන්නේ යයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රි ලංකාවේ දේශීය ආදායම් පනතද සංශෝධනය කිරීම හෝ අලූතින් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙම කණ්ඩායම විසින් පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම මෙරට සංචාරයක යෙදුනේ මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති ණය මුදලේ මීලග වාරිකය ලබා දීමට පෙර තත්වය නිරීක්‍ෂණය කිරීමටයි.

5 views

One Comment to “ඊළග ණය වාරිකයට පෙර තවත් බදු ගහන්නැයි IMF දන්වයි..”

  1. කවද හරි වැඩි ඈතක් යන්න කලින් ලංකාව ඉතියෝපියාව වගේ දිලිඳු රටක් වෙනව 🙁

Main News