ඊළම ලබා දෙන්න රනිල් දෙමල සන්ධානය සමග ගිවිසුම් ගහලා..

January 19, 2019 at 3:50 pm | lanka C news
ඊළම ලබා දෙන්න රනිල් දෙමල සන්ධානය සමග ගිවිසුම් ගහලා..

මරණ තුනක් මැද පැණි කන තත්ත්වයට වැටී සිටින එක්සත් ජාතික පක්ෂය මුහුණ පා සිටින අර්බුද හමුවේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිම කිසිවකුටත් වැළක්විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

එක්සත් ජාතික පක්ෂයේ බුර බුරා නැගෙන අභ්‍යන්තර අර්බුද අද වන විට ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්ව ඇති බව පෙන්වා දුන් වන්නිආරච්චි මහත්මිය තමන්ගේ අර්බුද විසඳා ගැනීමට නොහැකි එ. ජා. ප නායකයන්ට රටේ අර්බුද විසැඳීමට කිසිදු හැකියාවක් නැති බවත් අවධාරණය කළාය.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට උඩුගම්පොළ දී අද (19) එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “ගම සමඟ පිළිසඳරක්“ මැයෙන් සංවිධාන කරන ආසන බල මණ්ඩල රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් පළමු රැස්වීම ලෙසින් පැවැති ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් වන්නිආරච්චි මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

රනිල් වික්‍රමසිංහගේ  ආණ්ඩුව මේ ස්වභාවික මරණයකට ලක් වෙමින් සිටිනවා. පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය තුළ බුර බුරා නැගෙන නායකත්ව අර්බුදය ඔබ දකින්න ඇති. පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කරන විට සජිත් ප්‍රේමදාස මහතාට උදව් කළ හිතවතුන් කිසිවකුටත් නියෝජ්‍ය ඇමැති ධුරයක්වත් නොදී ඉන්න පරිස්සම් වුණා.

සරත් ෆොන්සේකලා, තෙවරප්පෙරුමලා යුද්ධ කරනවා තමුන්නාන්සේලා දකින්න ඇති. රවී කරුණානායක කියනවා මුදල් අමාත්‍යාංශයට මෝස්තරකාරයෙක් දාල කියලා. රවී මංගල ගල උඩ සටනක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විශාල නායකත්ව අර්බුදයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපති අපේක්ෂක ධුරය රැකගන්න විශාල උත්සාහයක් දරමින් ඉන්නවා. රනිල් සජිත් ගැටුම බරපතළ තැනකට ඇවිත්.

ජාත්‍යන්තරයටත් මේ අර්බුදය පේනවා. එ. ජා. ප ආණ්ඩුව ඇතුළේ ගැටුම ජාත්‍යන්තරයටත් ගිහින් ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුන් එළිපිට බැන ගන්නවා. මේ නිසා අපේ රටට විදේශ ආයෝජන එන්නේ නැහැ. ජාත්‍යන්තරය මේවා නිරීක්ෂණය කරමින් ඉන්නවා. වර්තමාන ආණ්ඩුව රට ගෙනියන්නේ කොහොමද කියලා මේ අය බලා ඉන්නවා.

මේ නිසා රටට ආයෝජන එන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය අද කඩා වැටිලා. ජනවාරි මුල් සතියේ ලංකාවේ කොටස් වෙළෙඳ පොළ වසර දහයකට පස්සේ අවම පිරිවැටුම වාර්තා කළා. මිලියන එක් දහස් පන්සියය ඉක්මවා තිබුණු කොටස් වෙළෙඳ පොළේ දෛනික පිරිවැටුම මිලියන හැත්තෑව දක්වා පහත වැටිලා. කොටස් වෙළෙඳ පොළ කියන්නේ ආර්ථිකය මනින මිනුම් දණ්ඩක්.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ආර්ථිකයට පණ පොවා ගන්න පුළුවන්කමක් නැහැ. රනිල්ගේ ප්‍රතිපත්තිය තමයි මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් බදු ගන්න එක. එ. ජා. පයේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි රුපියල බාල්දු කිරීම. ඒ නිසා ඩොලරය රුපියල් දෙසියය දක්වා ඉහළ යනවා. මිනිස්සුන්ට බදු ගහලා, රුපියල බාල්දු කරලා රනිල් වික්‍රමසිංහලා යන ආර්ථක ගමන කුමක්ද කියා අපට පැහැදිලියි.

අපිට උදව් කරන ජාත්‍යන්තර මිතුරන් තරහා කරගත්තා. චීනය තරහා කර ගත්තා. ජපානය තරහා කර ගත්තා. රනිල්ට ආර්ථිකය ගොඩනගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ වන්දනාමාන කරන්නේ බටහිර රටවල්. රනිල් වන්දනාමාන කරන බටහිර රටවල් අපේ රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම උදව්වක් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහට මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ.

අද රනිල් ටී. එන්. ඒ එකේ හිරකාරයෙක්. ඊළම ලබා දෙන්න ටී. එන්. ඒ එකත් එක්ක ගිවිසුම් ගහලා. පහුගිය දා අලුත් ව්‍යවස්ථාවක් ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මම දැක්කා මහනායක හාමුදුරුවන් හම්බ වෙන්න ගිය එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කියනවා එහෙම යෝජනාවක් නැහැ කියලා. එහෙම එකක් නැහැ කියන්නේ කොහොමද?

මේ යෝජනාව සම්මත වෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනේ කියලා කියනවා. ඉතින් තුනෙන් දෙකක් හරි අරගෙන සම්මත කරගන්නනේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. යුද්ධයෙන් ගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවෙන් ගන්නයි මේ උත්සාහ කරන්නේ. රනිල්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ දෙමළ සන්ධානය කියන විදියටයි. අද රට විශාල අර්බුදයකට ලක් වෙලා.

රනිල් වික්‍රමසිංහලත් අද මරණ තුනක් ඉස්සරහා පැණී කෑව මිනිහගේ තත්ත්වයට වැටිලා තියෙනවා. ආණ්ඩුව අද පැණි කන්නේ දෙමළ සන්ධානය ඉස්සරහා හිරකාරයෙක් වෙලා ආර්ථිකය කඩා වැටිලා තියෙන වාතාවරණයකයි. ඊළඟට එන ඕනෑම මැතිවරණයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන එක කාටවත් නතර කරන්න බැහැ.

ඒ නිසා අද කරගෙන යන සංවිධාන රටාව ඉදිරියට ගෙන ගියොත් අපේ පක්ෂයේ හොඳම දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය අද රටේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. මේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වූ ජාතික නායකයකු වශයෙන් ප්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වය ගණන් තබා තිබෙනවා. ඒ නිසා රටේ අනාගතය සුබයි, ගම්පහ දිස්ත්‍රික්කයේ අනාගතය සුබයි කියලා මතක තබා ගන්න.

– ප‍්‍රදීප් අනුර කුමාර

24 views

7 Comments to “ඊළම ලබා දෙන්න රනිල් දෙමල සන්ධානය සමග ගිවිසුම් ගහලා..”

  1. Sam says:

    Ranathunga pawula tata kawa hora hathaval.
    AR port eken hodata gahuwa.

    Prasanna badu karaya.
    Thamange pawula hadagana baruwa rata hadanna enawa.

  2. Sam says:

    Raniya meyata kapala thiyenawa wagei…

  3. Sam says:

    oya athin pennane oyage gediye size ekada…

  4. Love nature says:

    මාතෘ භූමියට ආදරය කිරීම යනු පොළොව බදාගෙන සිප ගැනීම නොවේ. තම රට ආක්‍රමණය කරන පරසතුරන් හා සටනට එළඹීම එය වළක්‌වා ලීමට තැත් කිරීම මවු බිමට ආදරය කිරීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ දිවි පුදා ආරක්‍ෂා කරගත් රට බෙදා වෙන් කිරීමට තැත් කරන විට එය වැළකීමට ඉදිරිපත්වීම මවුබිමට ආදරය කිරීමකි. රටේ සම්පත්, රැකියා රටේ ජනතාවට අහිමි කරමින් විදේශිකයන්ට අලෙවි කිරීමට තැත් කරන විට එය නවතාලීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කිරීමකි. අනෙක්‌ අතට යමෙක්‌ තමා ජනිත වූ මවුබිම, පුද්ගලික වාසි තකා හෝ පාරම්පරිකව රට පාවා දුන් අයගේ ජානවලින් පැවතෙන නිසා හෝ දෙකඩ කිරීමට සහාය වන්නේ නම් හෙතෙම මවුබිමට එනම් තම දේශයටද්‍රෝහී වන්නෙකි. එනම් දේශෙද්‍රහියෙකි. ඉහත ශ්ලෝකයට අනුව නම් මිනිස්‌ වෙසින් සිටින තිරිසනෙකි.

  5. ක්‍රිමිනල් says:

    මහින්ද කේ පීලා , කරුණලා , එමිල් කාන්තන්ලා , ඩග්ලස් දේවානන්දලා එක්ක ඩීල් ගහනකොට ,ඔය කියන කොටියා නැගිට්ටේ නැද්ද ?

  6. jagath says:

    Watti Amma Pole Gihin

  7. Samayang says:

    Watti amma talks

Main News