ඊ.පී.ඩී.පී. සංවිධානය ටී.එන්.ඒ. හවුල් පක්‍ෂයක් නොව දේශපාල කටයුතු සඳහා පමණක් එක් වී ඇතැයි ටී.එන්.ඒ. නායකයෙක් කියයි…

March 31, 2018 at 8:02 am | lanka C news
ඊ.පී.ඩී.පී. සංවිධානය ටී.එන්.ඒ. හවුල් පක්‍ෂයක් නොව දේශපාල කටයුතු සඳහා පමණක් එක් වී ඇතැයි ටී.එන්.ඒ. නායකයෙක් කියයි…

දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී.සංවිධානය මේ දිනවල එකට වී ක්‍රියා කරණු ලබන්නේ දේශපාලන කටයුතු සඳහා පමණක් බවත් එම සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවට ඉලංගෙයි තමිල් අරුසක්ච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාවෙයි සේනාධිරාජා මහතා  මේ බව ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් ටෙලෝ සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සෙල්වම් අඩෙයිකලනාදන් මහතා හා ටෙලෝ සංවිධානයේ මහලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවාන්නදා මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම පක්ෂ දෙක අතර යම් එකගතාවයක් ඇතිව තිබේ.

අනතුරුව පසුගිය දිනවලදී පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන් තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයේ සභිකයින් දෙමළ ජාතික සන්ධානයට සහය දක්වා සිටියේද එම සාකච්ඡා වලින් පසුව බවට මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඉල්ලා අස්වූයේද මේ තත්ත්වය මත බවත් මේ තත්ත්වය දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අතිකරගෙන ඇති එකගතාවයක් මිස දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් බවට ඊ.පී.ඩී.පී.සංවිධානය  එක්වීමක් නොවන  අතරම ඊ.පී.ඩී.පී.සංවිධානය මේ අන්දමට දෙමළ ජාතික සන්ධානයට සහය දැක්වීමට තීරණය කොට ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් බහුතර සභිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් තේරී සිටීමත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් සලසා දීමක් වශයෙන් බවටද මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් කිරීමට ඉදිරිපත් වී සිටින දෙමළ ජනතා විමුක්ති සන්ධානයට උතුරේ බලය මේ අවස්ථාවේදී ලබා දුනහොත් උතුරේ ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බව ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබුණි.

ඊට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත්තේ වත්මන් රජය සමඟ කටයුතු කරන්නේ දෙමළ  ජාතික සන්ධානය මිස දෙමළ ජනතා විමුක්ති සන්ධානය නොවන බවය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

98 views

One Comment to “ඊ.පී.ඩී.පී. සංවිධානය ටී.එන්.ඒ. හවුල් පක්‍ෂයක් නොව දේශපාල කටයුතු සඳහා පමණක් එක් වී ඇතැයි ටී.එන්.ඒ. නායකයෙක් කියයි…”

  1. David Milli-banda says:

    EPDP is party for the respectable Low caste people.
    Senathirajah’s TNA is a party for the Vellala Caste.

    Therefore can Oil and water mix?

Main News