උකුසු ප‍්‍රකාශයෙන් ශ‍්‍රීලනිපයට යක්‍ෂාරූඩ වේ.. නායකත්වයෙන් සිරිසේන පන්නන්න මධ්‍යම කාරක සභාව සුදානම්..

March 6, 2020 at 9:20 am | lanka C news
උකුසු ප‍්‍රකාශයෙන් ශ‍්‍රීලනිපයට යක්‍ෂාරූඩ වේ.. නායකත්වයෙන් සිරිසේන පන්නන්න මධ්‍යම කාරක සභාව සුදානම්..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත්කර දැමිය යුතුද යන්න තීන්දු කිරීමට තීරණාත්මක තත්ත්වයකට පැමිණ ඇති බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා කර ඇත.

හ‍්‍රීලනිප පක්ෂයේ ප්‍රධානියකුගේ නිවසේ දී ඊයේ දිනයේ පැවති හමුවකදී මේ ගැන දැඩි ව සාකච්ඡා කර ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද උකුසු ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග බරපතළ ලෙස මතගැටුම් ඇති වන තත්වයක් ඇතිව තිබෙන බවත් එය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩිව බලපාන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මේ හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලිය තුල සිරිසේන මහතා නිහඬව සිටිය යුතු බවටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට යෝජනා කිරීමටත් එම පිරිස තවදුරටත් සාකච්චා කර තිබේ.

එය නොතකා දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් වහා මධ්‍යම කාරක සභාව කැදවා ඔහුගේ පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවද ඔවුන් දැඩිව තීන්දු කර ඇත.

269 views

22 Comments to “උකුසු ප‍්‍රකාශයෙන් ශ‍්‍රීලනිපයට යක්‍ෂාරූඩ වේ.. නායකත්වයෙන් සිරිසේන පන්නන්න මධ්‍යම කාරක සභාව සුදානම්..”

  1. Sam says:

    For the sake of this country if SLFP central committee will make a such decision to sack MS from the party all patriots will be happy & nobody will make any objection. Otherwise this is a real pathetic mad situation which is bad for the country & SLFP

    • Critic says:

      I agree with Sam. If MY3 is with ”POHOTTUWA”,POHOTTUWA will looses huge amount of votes therefore JO should decide whether to keep him with the JO or sack him from the party.

  2. Hesh says:

    ජාතික ලයිස්තුව හරියන්නෙ නෑ. තරග කරන්න දීලා පරද්දන්න ඕනෙ.

  3. Aurora says:

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, දේශපාලනයට, සාරධර්ම වලට, ආරක්‍ෂාවට සහ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මහාම විනාශයක් කරපු සිරිසේන පක්‍ෂ වෙන්නේ තමුන්ට සහ තමුන්ගේ පවුලට පමණයි. මෙහෙම ආත්මාර්ථකාමී වෙනත් සත්වයෙක් මේ ලෝකෙම නැහැ. තමාගේ වාසියට ඕනෑම පජාත වැඩක් කරන්න හෝ කතාවක් කියන්න ඔහු මොහොතක්වත් පැකිලෙන්නේ නැහැ. රට කියන්නේ සිරිසේනගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉතාම පහලින් තියන දේවල්. මුළු රටම පුපුරවල දැම්මත්, මිනිසුන් කොතරම් මැරුණත් ඔහුට ඒක වැදගත් නැහැ. මේ රට අද වැටී ඇති උගුලට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ සිරිසේන සහ යහපාලන නඩේ. එනිසා ප්‍රමදවෙලා හෝ සිරිසේනගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙන් වුනොත් කල වැරදිවලට ජනතාවගෙන් සමාවක් ගන්න පුළුවන් වේවි. හැබැයි සිරිසේන සහමුලින්ම දුරුකරන්න ඕන.

  4. සිංහල බන්ඩා says:

    යූඑන්පීයට පක්ෂය පාවා දුන් උකුසු සිරා පන්නා ශ්‍රිලනිප සුද්ද කර ගනිල්ලා. නැතිනම් තොපි ඔක්කොටම කෙල වෙනවා.

  5. Gayathri L says:

    ඕකව ජාතික ලැයිස්තුවට නම් දාන්න එපා
    ඕකට ඡන්දේ ඉල්ලන්න දෙන්න.. මිනිස්සු මූට සම්බුව දෙනවා මේ පාර.

  6. john the baptice says:

    උකුස්සාගේ කොලබ මාලිගාව රජයට ගන්න

  7. Patient says:

    මහින්ද මෝඩ වැඩ කරන තරමට සිරිසේන රටම මෝඩයි කියල හිතූව. හැබැයි ඉතින් බොරුවක් නෙවෙයි. මෙච්චර කරන්න දෙවල් තියෙද්දී කරන ගොං වැඩ වල හැටියට.

  8. lal milano says:

    Mekawa Parak Pare Aviddamu. Mu Wasalayek.

  9. අක්බාර් ලොක්කා says:

    පාස්කු කේස් එකේ නඩුවක් පවරා ප්‍රජා අයිතිය නැති කර දැම්ම නං වැඩේ කම්මුතුයි

Main News