උගතුන් අතර නූගතුන් ද සිටිනවා.. ඔවුන් නිසා සමාජයම ගඳ ගහනවා…

February 11, 2020 at 12:40 pm | lanka C news
උගතුන් අතර නූගතුන් ද සිටිනවා.. ඔවුන් නිසා සමාජයම ගඳ ගහනවා…

ගුණ දහමින් පෝෂිත දූ දරුවන් බිහිකර අනාගතයේ රට දැය සමය සුවඳවත් කිරීමට ගැබිණි මාතාවන් අධිෂ්ඨාන කර ගත යුතු බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

දරුවන් මව් පියන්ට පමණක් නොව සමස්ත ජාතියට ම අයිති බව කී ඒ මහතා දරුවන්ට සුදුසු ලෝකය නිර්මාණය කර දීම වැඩි හිටි අප හැම දෙනාගේම යුතුකමක් හා වගකීමක් වන්නේ යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කොටපොල ජයන්ති සුබසාධක සමිතියට 39 වසරක් පිරීම නිමිත්තෙන් එම සමිති පරිශ්‍රයේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

කුමාරසිරි හෙට්ටිගේ පදනමේ අනුග්‍රහයෙන් ගැබිණි මාතාවන් 125 දෙනකුට තිළිණ හා බිහි වීමට නියමිත දරුවන් වෙනුවෙන් සඳුන් පැල ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

“අද අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ ගුණ මකු සමාජයකයි .ඒ නිසා ගුණගරුක මිනිසුන් සමාජයේ පසු පසට තල්ලු වෙනවා .එවිට සමාජය ලස්සන වන්නේ නෑ ;සුවඳවත් වන්නේ ද නෑ . පිවිතුරු හැඟීම් සහිත මිනිසුන් සිටින සමාජයක් හැදෙන දාට තමයි රටක් හැටියට අපේ සැබෑ ජයග්‍රහණය උදා වෙන්නේ .ඒ සඳහා දේශපාලන ක්ෂේත්‍රය ද පිරිසිදු විය යුතුයි .මානව දයාවෙන් යුත් මිනිසුන් සිටින රටක් නිර්මාණය කර ගැනීමට පුරවැසියන්ට තිබෙන්නේ ලොකු වගකීමක් .එසේ නොවුනහොත් සම්ප්‍රදායික දේශපාලනයේ තව දුරටත් ඇලී ගැලී සිටීමට අපට සිදු වෙනවා .

පුද්ගලයෙකුට උගත්කම පමණක් නොව ගුණ යහපත් කමින් පෝෂිත සිතුවිලි ද අවශ්‍යයි .එය දරුවන්ගේ මුල් කාලයේ සිට වැඩෙන්න ඕනෑ .එමෙන් ම ප්‍රයෝගික දැනීම් ද ඊට එකතු වෙන්න ඕනෑ .එසේ නොවන අයට සමාජයේ වගකීම් ලැබුණු විට හැදෙන්නේ අවුල් වූ සමාජයක් .ඒ අය මෝහයෙන් මුලා වී වැඩ කරනවා .අපේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනෙක් ඉන්නෙ මෝහයෙන් මුලා වෙලා .

ගුණ දම් නැති උගතුන් සුවඳ නැති කෑල මල් වගේ .ඒ අය සුවඳවත් මල් වගේ ආදරණීය නෑ .උගතුන් අතර නූගතුන් ද සිටිනවා .ඒ අය කිඩාරම් මල් වගේ .ඒ අය නිසා සමාජය ම ගඳ ගසනවා .

ගැබිණි මාතාවන්ට සඳුන් පැල පරිත්‍යාගය අරුත් බර දෙයක් .ඒ සඳුන් පැලය දරුවා වෙනුවෙන් සිටුවා යහපත් ප්‍රාර්ථනයක් කරන්න ඕනෑ .ගුණ දහමින් පෝෂිත දරුවන් බිහි වන්නේ නම් ඔවුන්ද සුවඳවත් වී සමාජයත් සුවඳවත් වෙනවා .සුභාෂිත ය මෙය අරුත් බරව කියනවා .” දිගත පතල සුවදැති සොඳ සඳුන් කඳ – සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ “යහපත් ලෙස හැදී වැඩුණු කෙනාට කුමන බාධක පැමිණිය ද ඔහු හෝ ඇයගේ ගුණ සුවඳ දසත ම පැතිරෙනවා .

ගුණ දහමින් තොර දරුවන් බිහි වුවහොත් ඇති වන්නේ අඳුරක් .එය වන සතුන් බහුල බිමක් වැනිය .මේවා ගැන මව් වරුන් සිතන්න ඕනෑ .මව සමානයි මතෘ භූමියට .අම්මා යන උතුම් වස්තුව එතරම් ප්‍රබලයි’ .යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය .

– Khmedia

15,383 Viewers

10 Comments to “උගතුන් අතර නූගතුන් ද සිටිනවා.. ඔවුන් නිසා සමාජයම ගඳ ගහනවා…”

  1. Matara says:

    This is another shit man try to come parlimant no value at all
    Did u hear how he behave with out power to school principle

    Let’s sent some good guy from Gota/wiyathmage parliament
    Journalist like you need to go hell

  2. Rishan says:

    උගතුන්ට, වියතුන්ට බය වෙලා දැන්මම, හූ හූ

    • Me says:

      “ගුණ දම් නැති උගතුන් සුවඳ නැති කෑල මල් වගේ .ඒ අය සුවඳවත් මල් වගේ ආදරණීය නෑ”

  3. සමාජය පිරී යා යුත්තේ ඊනියා පොත් කටපාඩම් කර ගත් කඩදාසි උගතුන්ගෙන් නොවේ..නුවණැති, ගුණවත්, බුද්ධිමතුන්ගෙනි… මෙබදු අය දුප්පත්, පොහොසත්, උගත්, නූගත් යැයි සම්මත ඕනෑම තලයක සිටිය හැකියි.. එහෙත් පුරුනු කලය නියත වශයෙන්ම නිහඩය…

  4. Sugath says:

    මෙ කියන අදහස තෙරුම් ගන්න බැරිතරම් නුගතුන්ද සිටිනවා කියල දැනෙන්නෙ මට විතරද

  5. Manel says:

    I have read many speeches delivered by this gentleman. In my opinion, he is a well cultured respectable person who has common sense about ever changing social trajectory. I don’t mind even if he can enter the parliament. We need such people.

  6. Samarasinghe says:

    කුමාරසිරි හෙට්ටිගේ මහතා කියන්නේ මානව හිතවාදී යෙක්. මෙහෙම කෙනෙකුට විතරයි මෙහෙම කතා කරන්න පුළුවන් .මේ වගේ අයට දෝෂයක් කියන්නේ කාලකන්නි වගේම අසත් පුරුෂයින්. කව්රුවත් කලබල විය යුතු නැත .පාර්ලිමේන්තුව සුදුසුම චරිතයකි.

    • මෙතුමා හොද පුද්ගලයෙක්.. මෙතන සංවාදය ඇති උනේ එතුමගෙ කතාවෙන් උපුටා ගෙන ඇති හෙඩිමට අදාලවයි..
      ඒ අනුව විදිමත් අධ්‍යාපනයක් නැති, මේ රටේ බහුතරයක් වැඩ කරන ජනතාව සියලු දෙනා ‘කිඩාරම් මල්’ වගේ ගද ගහනව.. උගත් කියල සහතිකයක් ඇති ඕන අපතයෙක් සුවද ගහනව..
      එතුමගෙ කතාවෙ මුල හරියෙ කියල තියන මනුස්සකම්, ගුණවත් කම් ගැන අදහස් කතාවෙ මැදදි එතුමම පරස්පර කරනව..
      යමක් හරි හෝ වැරදි වෙන්නෙ කවුද ඒක ඉදිරිපත් කළේ කියන කාරණය මත නෙවෙයි.. කාරණය හරිද වැරදිද කියන කරුන මත පමණයි.
      තමන්ගෙ පරම හතුර කිව්වත් හරි දේ හරි කියන්නත්, මහ රජ්ජුරුවො කිව්වත් වැරදි දේ වැරදි කියන්නත් පුලුවන් උන දාට අපිටත් නිවහල් චින්තනයක් එයි..

  7. Harsaha says:

    කියන දෙය තේරුම් ගන්න බැරි තරම් මෝඩයන්ද සිටින බව පෙනී යනව

  8. Love nature says:

    අතීතයේ පටන් ගැමියන් අතර ඉතා ප්‍රකට කියමනකි, ගමයි පන්සලයි වැවයි දාගැබයි. මෙය නැවත අප රටට යොමුකළ යුතුය.

Main News