උගතුන් කියන්නෙ හොද මිනිසුන්ම නොවෙයි.. ලෝක හොරුන්ද ඉන්නවා.. ගෝටාභයට අවශ්‍ය රටට ආදරේ හොද මිනිසුන්..

January 27, 2020 at 2:10 pm | lanka C news
උගතුන් කියන්නෙ හොද මිනිසුන්ම නොවෙයි.. ලෝක හොරුන්ද ඉන්නවා.. ගෝටාභයට අවශ්‍ය රටට ආදරේ හොද මිනිසුන්..

උගතුන් වූ පමණින් ඔවුන් සියල්ල හොඳ මිනිසුන් යැයි කිව නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ගත යුත්තේ රටට ආදරය කරන දක්ෂ මිනිසුන් යැයි ද ඔහු පැවසීය.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රනිල් වික්‍රමසිංහ මහතා නීතිඥයෙක් බවත්, රවි කරුණානායක මහතා ගණකාධිකාරීවරයෙක් බවත්, අර්ජුන් මහේන්ද්‍රන් ලෝකය පිළිගත් ප්‍රමුඛපෙලේ බැංකුකරුවෙක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව උගතුන් සියලු දෙනාම හොඳ මිනිසුන්ම නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පරම්පරා ගණනකට සරිලන වංචාවන් කිරීමට මහා පරිමාණ හොරකම් කරන්නේ උගතුන්යැයි කියන මිනිසුන් බවද ඔහු තවදුරටත් පැවසීය.

උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

83 views

10 Comments to “උගතුන් කියන්නෙ හොද මිනිසුන්ම නොවෙයි.. ලෝක හොරුන්ද ඉන්නවා.. ගෝටාභයට අවශ්‍ය රටට ආදරේ හොද මිනිසුන්..”

  1. Sathya says:

    There are a lot of so called educated people, but no vision or patriotism

  2. Open mind says:

    ආදර්ශය විසින් ම ඉදිරිපත් කළ වටිනා අදහසක්.

    • කොණ්ඩ කැවුමා says:

      මම ආවෙත් ඔය ටික කියන්න තමයි. කොහෙද… කලින් උඹ කියලනෙ

  3. රන්ජා.කොම් says:

    උගත් හොඳ අය ඉන්නව ඕනෙ තරම්. සින්ගප්පූරුව දියුනු උනේ එහෙමයි.

  4. Alanka says:

    Yes u are correct but can u tell Basil MR not to give normination theirs, drug dealers or any other corrupted people. Otherwise people have no choice. So make sure u do your jobs & then voters have choice.

  5. Bobby Pereira says:

    Very true Mr. Gammanpila.

    • Gamarala says:

      අපි බලමු මෙී උගතුන් හොරැ නොවෙීද කියල? ගමිමනපිල ඔබතුමා නිවැරදියි.

  6. Kalana says:

    ඉස්සෙල්ල මහින්ද අයින් කරලා ඉන්න.

  7. උගත්තු සුගත්තුනොව මරිමෝඩයෝ රටකෙරෙහි සානුකම්පිත රාජ්‍ය නායකයෙක් ගෙන් පමණයි රට රටේ ආනගතය පිලිබිඹුවන්නේ දැහැමින් සත්‍යෙන් රට රකින්නා පමණයි රැකෙන්නේ සක්කිලියන් මඩ ගසති මඩ නාගත් රිලාවාන්ලා තොප්පියේ අගය සොයති එසේවූ කල්හී තිබ්බොටු පෙන්වා වඹටු දෙනවා කීවොත් මෙත්තා මුදිතා කියාගෙන හිටියොත් ජාතියේ වැලලීම එකම එක ගොන් සිංහලයෙක්වත් යතාර්තය මතක තියාගන්ව්??????????????????????

Main News