දුම්රියක් පීලි පනී… උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා..

November 25, 2018 at 8:02 am | lanka C news
දුම්රියක් පීලි පනී… උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා..

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වු සේවා සපයන දුම්රියක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

(24) රාත්‍රි 7 ට පමණ සේවා සපයන දුම්රියේ දොඹකරයයි හැටන් දුම්රිය ස්ථානයේදි  මෙසේ පිලි පැනිමට ලක් වි ඇත්තේ.

උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතතු කිහිපයක් සදහා මිට දින කිහිපයකට ප්‍රථම මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේ ප්‍රදේශයට රැගෙන විත් ඇති අතර , එම නඩත්තු කටයුතු අවසන් විමෙන් පසු ආපසු කොළඹ දක්වා අද ධාවනය කරවන අතුරතුර මෙම පිලි පැනිම සිදු  වි ඇත්තේ.

එම සේවා දුම්රියේ මැදිරි කිහිපයක් ගලවා ඉවත් කිරිමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධාවක් නොවන සේ දුම්රිය මාර්ගය විවෘත කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

75 views
Main News