උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මල සිරුරක් සොයගැනේ…

May 26, 2019 at 2:11 am | lanka C news
උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මල සිරුරක් සොයගැනේ…

උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මල සිරුරක් සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ඉහල කොත්මලේ ජලාශ වේල්ල නැරඹුම් මධ්‍යස්ථානයට පහලින් දුම්රිය මාර්ගයේ තිබු මෙම මල  සිරුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ග පරික්ෂා කරන මුරකරුවෙකු විසින් දැක් එ බැව් තලවකැලේ පොලිසිය වෙත දන්වා ඇත.

සිරුර තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පදංචි රොෂාන් (30) නැමති අවිවාහක  තරුණයෙකු බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

නිවසට යාම සදහා මෙහු නිතර දුම්රිය මාර්ගය භාවිතා කරන බවත්, උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රි ධාවනය වු දුම්රියක මෙම තරුණයා ගැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි සිද්ධිය සමබන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසන්නේ.

සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයාගේ පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,409 Viewers
Main News