උඩරට මැණිකේ දුම්රියේ ගැටි පුද්ගලයෙකු මියයයි..
September 20, 2019 at 2:02 am | lanka C news
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
උඩරට මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානයෙ නතර කර ඉදිරියට ධානය කරවන අවස්තාවේ දුම්රිය මාර්ගයේ මැද රැදි සිටි පුද්ගලයෙක් දුම්රියට වැද ප්රධාන දුම්රිය මාර්ගයේ දිගා වි බිම වැතිරුණු බවත්, එම අවස්තාවේ ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරිමට උත්සහ කල අවස්තාවේ දුම්රිය මාර්ගයේ වැතිරුණු පුද්ගලයා දුම්රිය එන්ජිමේ ගැටි ජිවිතක්ෂයට පත් වු බව උඩරට මැණිකේ දුම්රියේ රියදුරන් විසින් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දැනුම් දි ඇත.
දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ සිරුර එම දුම්රියේම රැගෙන ගොස් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දිමට එම දුම්රිය ආරක්ෂන අංශ නිලධාරින් විසින් කටයුතු කර ඇත.
මිය ගිය පුද්ගලයාගේ අනන්යයතාවට මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ