උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…

September 14, 2020 at 4:40 pm | lanka C news
උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…

උඩවලවේ රක්ෂිතයට අයත් ඉඩම් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර මහාපරිමාණ විනාසයක් සිදුකර ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

හෙනලි පෙහෙලි කර ඇති රක්ෂිත ප්‍රදේශය අලින්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් ජීවත්වන ප්‍රදේශයක් යයිද ඔවුන් කියා සිටිති.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධාගම ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙම විනාශය සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය, පොලිසිය දැනුවත් කළ ද එය නවතා ගැනීමට නොහැකි වූ බවද ප්‍රදේශවාසී පවසති.

23,236 views

19 Comments to “උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…”

  1. මන්තින්ද says:

    පොහොට්ටුවට චන්දේ දුන්නේ ඕකටනේ

    • රටට ආදරය හිතෙනවද..?? says:

      විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් පටන්ගත්තු විනාශය හේතුවෙන් පාරිසරික මෙන්ම සමාජ අර්බුද ද රැසක් රටට අද උද්ගතවී ඇත. සිංහල රටට ඒ විනාශය කල රිෂාඩ් බද්දුදින් අද නිදැල්ලේය…

      වැලි ගොඩ දැමිම, පස් කැපීම, ගල්කොරි පවත්වා ගෙන යෑම, දැව සංහාරය, රජයේ ඉඩම් අල්ලා ගැනීම, රක්‍ෂිත ඇතුළත හෝටල්, අවන්හල් නිවාඩු නිකේතන තැනීම, රාජ්‍ය වතුයායවල් හිතවතුන්ට බෙදා දෙමින් මධ්‍යම කඳුකර පරිසර පද්ධති අනතුරට ලක්කිරීම, කසළ, පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම, වන සත්ත්ව දඩයම, රක්‍ෂිතවල කංසා වගා කිරීම, තෙත් බිම් හා වගුරු බිම් ගොඩකිරීම යනාදී නොයෙක් ක්‍ෂේත්‍ර ඔස්සේ මෙසේ රටේ පරිසර විනාශයේ අක්මුල් විහිදී ගිහිල්ලා රටටම දැකගත හැකිය…!
      මාතලේ දිස්ත්‍රික්කයේ සිංහලයින්ගේ “සෙම්බුවත්ත” ගම එළිපහළ කලේ දේශපාලකයෝය.. අද එතැන ” අල්ලා” දෙවියෝ නෑව තැන කියලා මුස්ලිම් අය එතැනට හෝගාලා ඩුබායි සිට එන බව ඔබලා දන්නවාද..? මුස්ලිම් අය ‘අල්ලා’ ගත් තවත් ගම්මාන කිහිපයක් මේ… හෙම්මාවතගම… ගලේවෙල … අටලුගම…

      ඒත් රාජ්‍ය බල ඇත්තෝ පිංපඩි ගෙන රටම වනසනතුරු නිදාගෙන සිටිත්..!

      • Roshan says:

        තාමත් පච කැලිලා….

      • Roshan says:

        දේශප්‍රේමීන් ලෙස දේශද්‍රෝහී වන කතා… බයියා talks තාමත් පොහොට්ටුවේ ජය සමරනවා

    • Hudson says:

      its granted now since Gota was elected in last november. in 5 years SL will be a semi desert and 10 years time its going to be full desert,

  2. DD says:

    මේව දැන් වෙනව වැඩි වෙලාද? නැත්නම් ඉස්සරට වඩා මීඩියා වලින් cover කරනව වැඩි වෙලාද? හිතාගන්න බෑ. (බයියෙක් නොවෙමි)

    • සමන් භාද්‍රපති says:

      ගෝට ජනාධිපති වෙන කොට අපේ බියියෝ කිව්වේ මොනාද
      ගෝටා එක්ක සෙල්ලම් බෑ ගෝටා එක්ක හැරෙන්නවත් බෑ
      ගෝටා හිටියානම් නීතිය අකුරට ඉටුවෙනවා දැන් ඔය ගෝටා යස අගේට ඉන්නේ අහක බලාගෙන කැලේ ටික කපනකන් ඕක දැන් කීවෙනි එකද මේ පහිගිය මස 3 නට ඕක තමයි අපි කිව්වේ ගෝටා ට වඩා බල පුළුවන් කාරයෝ මව් රටේ ඉන්නවා උන් එක්ක ගෝටාට හැරෙන්නවත් බෑ උන්කරන දේ දිහා කට පියාගෙන බලාගෙන ඉන්න වෙනනවා. රනිල් කලෙත් එකමයි දැන් ගෝටා කරන්නෙත් එකමයි ඒ කියන්නේ රනිල්ගේ නොහැකියාව වගේ ගෝටගේ නොහැකියාව එම නිසා
      අවසන් නිගමනය ගෝටා =රනිල්

      • Love nature says:

        වන රක්ෂිත ආරක්ෂා කිරීමට ඒ සදහා රැකියා නොමැති තරුණයන් පත් කිරීමට පුළුවනි එවිට ඔවුන්ට රැකියාත් ලැබේවි අපේ පරිසරයත් රැකේවි

    • ගරසරප says:

      පැති කීපයක් . මේව අඩු වැඩි වශයෙන් හැමදාම තිබුන. නමුත් පොහොට්ටුව විල්පත්තුව ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස පෙන්නපු නිසා ඔවුන් යටතේත් මේව වෙනව කියල පෙන්නන කන්ඩායම් දෙකක් ඉන්නව. එක, පරිසරයට සැබෑ ආදරයක් තියන අය. දෙක, දේශපාලන ඇරියස් කවර් කරන අය. අරමුණු දෙකක් උනත් මාතෘකාව එකය්. මෙතන තුන්වෙනි පැත්තක් තියනවා අති භයානක. රටේ දේශීය ගොවිතැන නගාසිටුවන ප්‍ර්තිපත්තිය යටතේ රජයේ ඉඩම් නිදහස් වෙන්න ඕන ගොවිතැනට . මේ දේට අකුල් හෙලන කුමන්ත්‍රණයක පලමු පියවර මේක අස්සෙ තියනවා . ඒක කරන්නෙනම් හොද මොලයක් තියන ඉහල තැනකින් .

  3. Rony says:

    තනමල්විල ප්රාදේශිය ලේකම් සහා බෝදාගම ග්රාම නිලධාරී යන දෙදෙනාම නිදී.
    ආරක්ෂක ලේකම් කොළම්බින් නිලධාරීන් එවනකම් තනමල්විල පොලීසිය බලන් ඉන්නවදෝ කොහේදො.

  4. nihitha says:

    රෙස්පෙක්ට් සර්

    • aniwa says:

      Aniwa macho. Appachchi wont do anything without thinking about the future.
      This is a great move, we don’t need this much of forest anyway. Time to do big business by deforestation.
      Jaya wewa sir !

  5. Vimukthi says:

    Me anduwa awagaman kale kapanawa iwarayak naha. Janadhipathita mewa danne nadda

  6. Jagath says:

    වෙනස සැප ද ද ද????

    • ගිරවා says:

      තනමල්විල ප්‍රාදේශිය ලේකම් සහා බෝදාගම ග්රාම නිලධාරීන වහාම සේවයෙන් ඉවත් කරනු ,,ආණ්ඩුකාරයා නිදිද ? පොලිසිය නිදිද ?
      අපේ රටේ වන රක්ෂිත විනාශකිරිමට ඉඩදී බලා සිටියොත් නෙලුම් පොහොට්ටුවටත් අබම සරණයි

  7. saman says:

    මේ ආන්ඩුව රටම එලිය කරනවා අනිවර්යෙන්ම

  8. Gorilla says:

    CB Rathnayake please resign from your post if you can’t do your job

  9. Sarath Bulathsinghala says:

    නීති විරෝධී ලෙස ගස් කපන්නන්ට වන විනාශය කරනවුන් වෙඩි තියන්න නීති ගේන්න ඕන!

  10. Makal says:

    👉මහවැලිය, මොරගහකන්ද වගේ ජලාශ ඉදිකිරීමට නගර/ගම්මාන සිය ගානක මිනිසුන් වෙන තැන්වල පදිංචි වුනා නම් ලංකාගම ඉන්න අය වෙන තැන්වල පදිංචි කිරීම අමාරුද? ඔය වනාන්තර මැද ජීවත් වෙන මිනිසු පාරවල් නැතුව අමාරුවෙන් කැලේටම රිංගලා ඉන්නෙ ජාතික වන සම්පතෙන් අසාධාරන අයුතු ප්‍රයෝජන අරගෙන නිකං ඉඳල කැලයෙන් ජීවත් වීමටයි. ඔවුන් ඔච්චර අමාරුවෙන් කැලේට වෙලා ඉඳගෙන කරන්නේ මොනවාද?
    වන සතුන් දඩයම, ඇලවල් වල ඉස්සන් ඇල්ලීම, කිතුල් කැපීම, ව⁣ටිනා දැව ගස් කැපීම, වල්ලපට්ට කැපීම, විකිණීමට උදලු මිටි/ පොරෝ මිටි ආදිය කැපීම, වේවැල් කැපීම, මැණික් පතල් හෑරීම, කැලේ මැද කසිප්පු පෙරීම, කංසා වගාව, රක්ෂිත මැද ගස් කපා ගිනි තබා හේන් වගා කරමින් කැලය මැද තැනින්තැන සෝදාපාලුවට ලක්වන මුඩු බිම් ඇති කිරීම, කිසිම ප්‍රමිතියක් හෝ අනුමැතියක් නැතිව වනගත ජල පෝෂක ප්‍රදේශ මඩ කර කුඹුරු වගා කර සෝදාපාලුවට ලක්කර අතහැර දැමීම වැනි දඬුවම් ලැබිය යුතු ජාතික අපරාධයන්ය. සිංහරාජ මායිම් රක්ෂිතයේ තැන් තැන් වල මෙවැනි ජලය උල්පත් ප්‍රදේශ වල කලකට ඉහතදී කුඹුරු වගා කල ඉඩම් දැන් මුඩු බවට පත්ව අත්හැර දමා ඇත. මතුගම සිංහරාජ මායිමේ කලුගල ආරණ්‍ය පිහිටා තිබෙන්නේද රක්ෂිතය මැද ඇල මාර්ගයක් ආශ්‍රිතව කුඹුරු වගා කර සෝදාපාලුවට ගොස් අත්හැරපු මුඩු බිමකය. ඒ අවට තවත් එවැනි තැන් තිබේ.
    අනෙක ඔය රක්ෂිත මැද ඉන්නේ කාලෙකට පෙර අනවසරයෙන් කැලෑ එලි කරලා බලෙන් ඉඩම් අල්ලාගත් අය මිස කැලේ මැද ඔවුන්ගේ මුල් ජනාවාස තිබී නැත.
    මේ ප්‍රශ්නය සිංහරාජයට සීමාවී නැත. නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර මායිමේ කුඩා අඩි පාරකින් පමණක් යාමට හැකි උඩගලදෙබොක්ක, මැද කැලේ වැනි ගම්මාන ලංකාගමට වඩා දුෂ්කරය. උඩගලදෙබොක්ක ගම් වැසියන්ට පහල ඉඩම් ලබාදීමට සූදානම් වුවද ඒවා ක්‍රියාත්මක වී නැත. ගම් වැසියන් හේන් වගාවට හෝ සතුන් දඩයමට ඉඩම් ගිනි තැබීම නිසා එම ගින්න පැතිර යාමෙන් 2015 දී නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර පිහිටි යහන්ගල හා ඒ අවට සම්පූර්ණයෙන් දැවී ගිය අතර ගවන් හමුදාවත් පැමිණ ගින්න නිවීමට නොහැකි විය. ලංකාවේ කැලෑ ගිනි ගැනීමේ රහස වන්නේද කැලෑ ආශ්‍රිත පදිංචි කරුවන් සතුන් දඩයමට හෝ වගාවට ඉඩම් ගිනි තැබීම බව පෙනේ. ඒ නිසා රක්ෂිතයන් මැද ජනාවාස කරගෙන ඉන්න සියලු දෙනා වෙනත් ප්‍රදේශ වල පදිංචි කරවා රක්ෂිත වල සියලු ජනාවාස ඉවත් කරන දැඩි නීති පැනවිය යුතුයි.෴

Main News