උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. ඇයට කොරෝනා… හිමියන්ගෙන් පිණිවුඩයක්..

June 17, 2021 at 10:26 pm | lanka C news
උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. ඇයට කොරෝනා… හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කරන්නේ තම මවට නිතර සිහිසුන් වීම හේතුවෙන් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් පරීක්‍ෂණ අනුව ඇය කොරෝනා ආසාදිත බවත්ය.

මේ මොහොතේ ඇති කාර්යබහුල තත්ත්වය මත නිතර දුරකතන ගලා එන බවත් ඒ සඳහා කාලය වෙන් කිරීමට තමන් වහන්සේ කිසිදු කැමැත්තක් නැති බවත් එම සටහනේ දැක්වේ.

එකී සම්පූර්ණ සටහන මෙසේය.

තෙරුවන් සරණයි !
මේ වන විට අම්මා නිතර සිහිසුන් වීම හේතුකොටගෙන නවලෝක රෝහලට කතා කර ගිලන් රථයක් මගින් රෝහලට රැගෙන එන ලද අතර අම්මාගේ PCR පරීක්ෂණය පොසිටිව් වී තිබේ. ඒ අනුව අම්මා ICU හි ප්‍රතිකාර සඳහා යොදවා තිබේ. ඇය වෙනුවෙන් සිදු කිරීමට හැකි සියලු උපස්ථාන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කරමි.

අම්මා රෝහලට රැගෙන ඒම පිළිබඳ අම්මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණ ද අන්තිම මොහොතේ අම්මා පැවසූයේ ශරීරයට බොහෝ අපහසු බවත් යම් රෝගී තත්ත්වයක් පවතින බවත්ය.තව ද ඇය නිරතුරුව ප්‍රකාශ කර සිටියේ හාමුදුරුවන්ගේ වාහනයෙන් ඇවිදින්නට යාම එකම බලාපොරොත්තුව බවත්ය. එවැනි අහිංසක බලාපොරොත්තුවකින් සිටි ඇයව සුවපත් කිරිමට වෙහෙස වන මහාචාර්ය අර්ජුන සිල්වා දොස්තර මහතා ඇතුලු නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයට මම හදවතින්ම ණය ගැති වෙමි.

මේ සියලු අවිවේකීතා මධ්‍යයේ ලබාගත් මනුෂ්‍යත්වය , මහණකම , ධර්මය පිළිබඳ මා හට ඇත්තේ අසීමිත ප්‍රීතියකි.

මේ කාලය තුළ ඉහත කී සියල්ලටම වඩා අපහසුම කාර්‍ය වී තිබෙන්නේ දුරකථන ඇමතුම් ගලා ඒමයි. මාගේ වටිනා කාලය ඕපාදුප බෙදා දීමට මට කිසිදු කැමැත්තක් නොමැත. තොරතුරු විමසන්නටයි කියා ඕපාදූප ඇසීමෙන් කීමෙන් කිසිදු ඵලක් නොමැත. එකම දේ සිය දහස් වරක් පැවසීමට යාමෙන් මමත් මල්ලී සහ නෑනා ද හෙම්බත් වී ඇත.

යකඩ ගැහැණියක් ලෙස අම්මා ජීවත් කරවීමට මහත් ශක්තියක් මෙන්ම පොඩි දරුවන් දෙදෙනකුගේ මවක් ලෙසද, මල්ලීගේ ස්වාමිදියණිය ලෙසද ගෙදර ගෘහනිය ලෙසද නෑනා කරන්නා වූ කැප කිරීම සුලුපටු නොවන බව මට නිතර සිහිපත් වේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම පිලිබදවද මා හට ඇත්තේ තවත් කුතුහලයකි. කෙසේ වුවද අම්මාව දැඩි සත්කාර ඒකකයෙන් එලියට ගන්නාවිට නෑනා හෝ මල්ලී අම්මා ලග සිටිය යුතුය… එවැනි පුංචි බලාපොරොත්තුවක් සමග ඉදිරියට පියමනිමි.

59,045 views

35 Comments to “උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. ඇයට කොරෝනා… හිමියන්ගෙන් පිණිවුඩයක්..”

  1. කාන්තාර පළඟැටියා says:

    අති විශිශ්ට ධර්ම කතිකයානෙනි ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා. මතුබවයන්හි මෙවන් අකල් වෙන්වීමක් නොවේවා.

    • දේවක says:

      පව් සිද්ධ වෙන කතා කියන්න එපා. තවම වෙන් වෙලා නැහැ.

  2. මාලන් බ්‍රන්ඩෝ says:

    හංසිකා II චිත්‍රපටය අද සිට ප්‍රදර්ශනය වේ. දැනට සියළු චිත්‍රපට ශාලා හවුස් ෆුල්.

  3. Darshana abayakoon says:

    මේ අර මව් ඇතින්න මරල ගත්ත අලි පැටිය පෙරහැරට ගෙනාවම ඇත්ගොව්වට අමතක වෙලා ගිය පන්සලේ උන්නාන්සෙ නේද?

    • cobra says:

      මේ වගේ ගෞරවනීය භික්ෂුන්වහන්සේලාට අවමන් කරන කාලකන්ණි සුළු ජාතින් ලෝකයේ කිසිම රටක නැහැ …උඩුවේ හිමියන්ගේ මෑණියන්ට ඉක්මන් සුවය තෙරුවන් සරණින් ලැබේවා

  4. ඔවැනි අම්මා වරු කී දෙනෙක් මෙලෙස මියගියාද? මැයත් එවැනි එක් අයෙක් පමනි. අනෙක් අම්මා වරුත් ඒ අයගේ දරුවන්ට ඉතා වටිනවා. මැයත් සාමාන්‍ය දරුවන් බිහිකරපු කෙනෙක්. මොකෝ උඩුවේ කියන්නේ බුදු හාමුදුරුවො නෙමෙයිනෙ. දේසපාලකයොන්ට කඩේ යන තවත් කෙනෙක් විතරනෙ.

    • Saradiel says:

      @මල්දෙනියේ සිමියොන් ,උබ වගේ නරුමයෙක් මේ ලෝකෙට බිහිකරපු උබේ අම්මා ගැන කවර කතාද ? ගෞරවනීය සංඝයාවහන්සේ නමක් මේ රටට දායාද කල ඒ උතුම් මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා ..සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා

  5. elapaatha says:

    Mata nam baya ara podi un denna gena. Ada kaale baappochila thama sure ma naththe

Main News