උඩුවේ හිමි අත්අඩංගුවට ගන්න නියෝග කෙරේ.. පන්සලේ බණ පිරිත් දැම්මාට නඩු..

March 20, 2017 at 12:00 pm | lanka C news
උඩුවේ හිමි අත්අඩංගුවට ගන්න නියෝග කෙරේ.. පන්සලේ බණ පිරිත් දැම්මාට නඩු..

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

අධිකරණය හමුවේ අද විභාගය වූ නඩුවකට පෙනී නොසීටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

උඩුවේ හිමියන් වැඩ වෙසෙන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශණ යන්ත‍්‍රී ක‍්‍රියාත්මක වීමෙන් ප‍්‍රදේශයේ ජනතාවට බාධාවන බව පැමිණිලිකාර පාර්ශවය කියයි.

0 views
Main News