උඩ පැන පැන ගහනවා.. හරව හරව ගහනවා.. වට්ටලා නැගිට්ටවලා ගහනවා.. එහෙම දිගටම ගහන්න.. – ජනපති

October 26, 2016 at 10:40 am | lanka C news
උඩ පැන පැන ගහනවා.. හරව හරව ගහනවා.. වට්ටලා නැගිට්ටවලා ගහනවා.. එහෙම දිගටම ගහන්න.. – ජනපති

මාධ්‍ය විසින් තමනට ගහන ගැහිල්ල ඉදිරියේදීද දිගටම ගහන්නැයි තමන් ඉල්ලා සිටින බවත් තමන් ඒ ගැන ඉමහත් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වැනි සංවත්සරය උත්සවය අමතමිනි. ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

‘අද සමහර මාධ්‍ය මිත්‍රයින් ගහන ගැහිලි දිහා බැපුවාම සමහර විට ඒ අය හිතනවා ඇති අපට ගහන්න මෙහෙම තරම් ජනාධිපති කෙනෙක් නම් හම්බුනේ නෑ කියා. උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා’

2015 ජනවාරි 08ට පෙර මාධ්‍යවේදීන්ගේ ඔය පිටකොන්ද තිබුනේ කොහේදැයි ඇසූ ජනාධිපති සිරිසේන එම යුගය සිහි කරමින් ගහන ගැහිල්ල දිගටම ගහන්න යයිද වැඩි දුරටත් පැවසීය.

206 views
Main News