උඩ යැවූ සරුංගලය දිහා බලන් දිව්ව ළමයා ළිඳට වැටී මියයයි…

February 21, 2018 at 2:05 am | lanka C news
උඩ යැවූ සරුංගලය දිහා බලන් දිව්ව ළමයා ළිඳට වැටී මියයයි…

යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි ළමයෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

චාවකච්ඡේරි කල්වයල් ප්‍රදේශයේදී 16 හැවිරිදි ජයකුමාරන් දීසන් නැමති ළමයා තවත් මිතුරු ළමයෙකු සමග සරුංගල් යවමින් සිට ඇති අතර මය ගිය ළමයා සරුංගලය දෙස උඩ බලමින් පසුපසට දිව යාමෙන් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මෙම මරණය සිදුව ඇතයි චාවකච්ඡේරි පොලීසිය සැක පල කර සිටියේය.

ළමයා ළිඳට වැටීමත් සමග මිතුරා එම අවස්ථාවේදීම නිවසට දිව ගොස් වැඩිහිටියන් සමග පැමිණි ළමයා ළිඳෙන් ගොඩට ගෙන ච්වකච්ඡේරි රෝහලට රැගෙන යාමෙන් පසුව මිය ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල ළිඳ පිටට නොපෙන ලෙසින් තිබීම නිසාත් අනාරක්ෂිතව පිහිටීම නිසාත් ළමයින්ගේ අවධානය නොතිබීම නිසාත් මෙම මරණය සිදුව ඇතයි චාවකච්ඡේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

46 views
Main News