‘උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය’ විමල් අතින් විවෘත වෙයි..

December 22, 2020 at 2:25 am | lanka C news
‘උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය’ විමල් අතින් විවෘත වෙයි..

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ “උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය” (21) කටුබැද්ද ලක්සල පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

උණ වගාව ප්‍රචලිත කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන හදුන්වා දීම, අපනයන සංවර්ධනය සහ ආශ්‍රිත සේවා සැපයීම මෙම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු වේ.

පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් අදාළ ක්‍රියාවලිය සහ උණ දැව යොදා ගනිමින් සිදුකළ නිර්මාණ සමීපව නිරීක්ෂණය කරන ලදි. UNIDO සංවිධානය විසින් මෙම පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100,000ක තාක්ෂණික උපකරණ ලබා දී තිබේ.

මෙම මධ්‍යස්ථානය මගින් උණ දැව ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන සහ නවක ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල සහ පරිශීලකයින් සඳහා ප්‍රධාන තොරතුරු සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඊට අවශ්‍ය වෙළදපොළ පිළිගැනීම ලබා දීමට කටයුතු කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම මගින් ව්‍යාපාරය වෙත යොමුවන ව්‍යවසායකයින් දිරිගැන්වීම, උණ ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ජාත්‍යන්තර සම්මුති, ප්‍රකාශන සහ අනෙකුත් තොරතුරු අඩංගු මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම, උණ දැව ආශ්‍රයෙන් කරන ලද නිර්මාණ සහ විවිධ නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාගාරයක් ලෙස කටයුතු කිරීම, පුහුණු මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමග උණ ආශ්‍රිත නව නිෂ්පාදන සහ පර්යේෂණ පිළිබදව සම්බන්ධීකරණ කාර්යාලයක් ලෙස කටයුතු කිරීම යන සේවාවන් සැපයීමට නියමිත ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් පී. එල්. යූ රත්නමලල, UNIDO සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක නිරෝෂනි පීරිස්, ජාතික මෝස්‌තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

13,602 views

6 Comments to “‘උණ දැව පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය’ විමල් අතින් විවෘත වෙයි..”

  1. sudelmi says:

    This is an International game, they provided money to cut all trees, then they will take the country. Panchayuda Ku

    • Mangala says:

      3% තාම ලිඳේ. ඔහොමම ඉඳපියව් හාමු කවදාහරි එනකල්

  2. SL says:

    මහවැලි ගග දිග ම විතරක් උණ වගව කලත් ලොකු ප්‍රමානයක් ලැබෙනව.Super job!

  3. abhaya says:

    රෙදි සෝදා වේලීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් ක්ලිප්ස් වෙනුවට පරිසර හිතකාමී පදම්කල උණ දැවයෙන් සැකසු bamboo cloth clips නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දෙන්න.

  4. සිසිල් සුදේශ් says:

    ආණ්ඩුවෙන් කරපු එකම හොඳ වැඩේ. සමහර විට ගිය ආණ්ඩුවේ වැඩක් දැන් විමලෙ නම් දාගත්තා වෙන්න ඇති. කොරෝනා නිසා මේක online දෙන්න ඇහැකි නම් හොඳයි.

  5. පාපැදි කර්මාන්තයක් පටන්ගන්න ... says:

    යුරෝපීය වෙලදපොළට හදුන්වාදියහැකි (දෙමුහුන් )බැටරි බලයේ /උපකාරයෙන් පැදිය හැකි උසස්තත්වයේ දේශීය පාපැදි කර්මාන්තයක් පටන්ගන්න …