උණ රෝහලේ චීන කතට සුවයි.. ලංකාවේ දැන් කොරෝනා රෝගීන් කිසිවෙක් නෑ.

February 1, 2020 at 12:02 am | lanka C news
උණ රෝහලේ චීන කතට සුවයි.. ලංකාවේ දැන් කොරෝනා රෝගීන් කිසිවෙක් නෑ.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාවගේ තත්වය සාමාන්‍ය වී ඇති බව සෞඛ්‍යය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අංගොඩ අංගොඩ උණ රෝහලේ වෛද්‍යවරයෙකු ද ඒ බව තහවුරු කලේය.

පූර්ණ ලෙස සුවය ලැබීමෙන් පසු ඉදිරියේදී වෛද්‍ය නිර්දේශ මත එම චීන ජාතික කාන්තාව රෝහලින් බැහැර වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් ඒ සදහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවද ඔහු කියා සිටියේය.

මේ වන විට මෙම කාන්තාව හැරුණු විට වෙනත් කිසිවෙකුට කොරෝනා ආසාදිත යයි සනාථ වී නැත.

කොරෝනා ආසාදිතයන් යයි සැක පිට රෝහල් කිහිපයකම පුද්ගලයන් රදවා සිටින අතර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව 99%ක්ම කිව හැකි බවයි.

99 views

One Comment to “උණ රෝහලේ චීන කතට සුවයි.. ලංකාවේ දැන් කොරෝනා රෝගීන් කිසිවෙක් නෑ.”

  1. Vattakka says:

    Yakooo vena ratavala rooga lakshana pennapu hamoovama davas 45 thaama thiyaagena innava. Lankaave vitharak Suvavela gedarath yanava. Yakune….. AtApAtTaMaTa danuvath karbala anik ratavala marenna yana jiivitha beeeraghanilla behetha ehetath yavala.

Main News