විමල් වෙනුවෙන් හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි.. මෙන්න වාර්තාව..

February 22, 2017 at 10:58 pm | lanka C news
විමල් වෙනුවෙන් හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි.. මෙන්න වාර්තාව..

තමන්ගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන නිසා තම මන්ත‍්‍රීන් පස් දෙනාට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් දෙවන වතාවටත් ඉල්ලා සිටියේය.

තමන් මෙම ඉල්ලීම කරන්නේ දෙවන වතාවට බවත් මන්ත‍්‍රීවරයා කියද්දී කතානායක කරු ජයසුරියත්, සභානායක ඇමති කිරිඇල්ලත් ඉතා පැහැදිලිව කියා සිටියේ මීට පෙර කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවේ එවන් කතාවක් කියා නැති බවයි.

කෙසේ වෙතත් 2016 වසරේ අපේ‍්‍රල් 05 වන දින පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තාවේද වීරවංශ මහතා මෙම ඉල්ලීම කරනු පැහැදිලිවම සටහන්ව තිබේ. එදින හැන්සාඩ් වාර්තාවේ අදාල කොටස පහතින් දැක්වෙයි.

එම දිනයේ සම්පූර්ණ හැන්සාඞ් වාර්තාව මෙතනින්


0 views

5 Comments to “විමල් වෙනුවෙන් හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි.. මෙන්න වාර්තාව..”

  1. jayamal says:

    ගරු විමල් වීරවංශ මැතිතුමා ඉතාමත් පැහැදිලිව සහ නීත්‍යානුකූලව මේ ඉල්ලීම ඉදිරිපත් කලේ. ගරු කතානායක තුමා මේ ඉල්ලීමට ඉතාම නිවැරදි පිලිතුරක් දෙන තුරු ජනතාව බලා සිටී. විමල් මැතිඳුනි, ජනතා හදගැස්ම හඳුනන ඔබතුමා මව්බිම වෙනුවෙන් අප වෙනුවෙන් දක්වන ආදරය සහ කැපවීම අපට හොඳින්ම දැනෙනවා. ඔබට සදා ජයෙන් ජයම පතමු! යමපාලනයේ මේ කුරිරු පලිගැනීම් අහිබවා ඔබ වඩාත් සවිමත්ව වඩාත් දිරිමත්ව නැගිටින බව ඉර හඳ සේ විශ්වාසයි. සහතිකයි!

    • ss says:

      හේ
      ගරු කොහෙද බන් , “නිගරු”
      යකෝ අපේ සම්ප්‍රදායන් පොඩ්ඩක් ඇසුරු කර බලපන් . එතකොට උඹට දකින්න පුළුවන් “ගරු” යොදන්න පුළුවන් කාටද කියල! “ගරු” කොහෙද “හොරු”

      • Champa says:

        ss

        කවුද මිනිහෝ හොරා? අන්න නියම හොරාට ඕස්ට්‍රේලියාව ආචාර්ය පදවියක් දුන්න. තව හොරෙක්ට රට පාවා දුන්නට අල්ලසක් විදියට අයර්ලන්තේ මන්දිරයක් දීලා.

        ඉස්සෙල්ල ගරු හලන්න ඕනේ මහා බැංකුව මංකොල්ල කාපු අගමැටි කම්බහොරාගෙයි, ධනවාදී සුපිරි “නිර්දන” පන්තිය නියෝජනය කරන අනුර කුමාරගෙයි.

        විමල් හිරේ ඉන්නේ හොරකම් කරලා නෙමෙයි. විමල්ව හිරේ දැම්මේ ඇප දෙන්න බැරි විදියට. පොලීසිය තවම පරීක්ෂන කරනවා හොරකම් කරලද බලන්න. බොරු කියා කියා කල් ගන්නවා, එක එක පොලිස් කාරයෝ පිටරට ගිහින් එනකම් ඉන්න ඕනේ කියලා. හොරකම් කලා නම් ඒක පලවෙනි දවසෙම ඔප්පු කරන්න තිබුනනේ. දැන් දවස් 45කුත් ගිහින්. තාම හොයනවා.

        විමල් අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා. ඒක විමල් හිරේ යවපු ආණ්ඩුවේ කම්බ හොරුත් දන්නවා. ඒ වගේම තමයි තමන්ටත් කවදා හරි හිරේ යන්න වෙන බවත් දන්නවා. ඒකයි දැනටම Luxury Prison Complex එකක් හදා ගෙන තියෙන්නේ. පව් අප්පා. විමල් 8X6 හිර වෙලා හිටියට ටයි කෝට් කාරයෝ, ධනවාදී සමාජවාදියෝ කොහොමද එහෙම ඉන්නේ නේද?

  2. sunimal says:

    ජහපාලනයම බොරුවක් ..අහෝ අපේ රටට සිදුවූ විනාශය ..සිංහලයා තාම නිදි

  3. Champa says:

    Depriving the National Freedom Front of its right to represent the masses in the Parliament as an independent Party separated from the UPFA and thereby denying Honourable Wimal Weerawansa’s privileges as a Party Leader is unprecedented and totally against the democratic principles of this country.

    Mr. Speaker, I think you should be firm on this matter.

    You can’t take decisions according to the whims and fancies of other Parliamentarians.

    Your assertion that you have to “consult” other Parliamentarians before taking a decision is hilarious!!! I don’t understand, what implies from your statement is that your decisions can be political, bias and undemocratic. This is not what is expected from the Speaker of our August Assembly . You should honour your position and remember why you are there.

    How could you pass your responsibility to others, Mr. Speaker? The decision is entirely yours. You should learn to take the responsibility as the Chair of the House as the Speaker.

    As Honourable Wimal Weerawansa correctly pointed out, if his right to function as an independent Party Leader is not upheld by the Parliament which is the supreme organ that protects democracy, then how could it protects the rights of the masses?

    Honourable Wimal Weerawansa’s voice is regarded as the Voice of Sri Lanka, as the One Voice for Masses. Therefore, he should be allowed to represent the masses in the Parliament in a way the voice of the masses be heard as per their wishes not as per the wishes of other Parliamentarians. Who cares about the opinion of other Parliamentarians on this matter? Their opinion is politically motivated. What matters is the voice of the masses.

    Mr. Speaker, Japan conferred you one of the most prestigious decorations with the Highest Order of Japan “The Order of the Rising Sun” recently. (Oh, belated congratulations!). Being the first Sri Lankan to receive this distinguished Decoration you brought honour to Sri Lanka.

    I don’t see any reason for a gentleman and an eminent personality like you to stumble in taking your decisions as the Speaker. As a veteran politician, you are well aware that the request made by Honourable Wimal Weerawansa is according to the Parliamentary Procedure and Practice.

    Honourable Wimal Weerawansa was deprived of this privilege since April 2016. It is high time you ensure fairness to all Parliamentarians!!! Mr. Speaker, please grant him what is rightfully his.