උත්තර දේවි දුම්රියේ බස් රථයක් හැපේ.. බස් රථය සුනේ සුන්..

May 11, 2019 at 12:00 pm | lanka C news
උත්තර දේවි දුම්රියේ බස් රථයක් හැපේ.. බස් රථය සුනේ සුන්..

යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රියේ යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සන්ධියේදී අද (11 බස් රථයක් ගැටීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැතුනු අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කරම්බකම් මන්සන්ධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩි කාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත් කොට ඇත.

උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදු විය.

එහිදී දුම්රියේ තෙල් ටැංකියට හානි සිදු වී තෙල් කාන්දු වීමක් සිදු වූ අතර දුම්රිය ගමන්ද සම්පූරණයෙන්ම නැවතුණි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උතුතර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවටද දුම්රිය දෙපාර්ත මේන්තු නිලධාරියෙකු කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32 views

2 Comments to “උත්තර දේවි දුම්රියේ බස් රථයක් හැපේ.. බස් රථය සුනේ සුන්..”

  1. Love nature says:

    ජනතාවට රියදුරු බල පත්‍ර ලබාදීමේදී සියයට සියක් සුදුසු කම් පරික්ෂාකර ලබාදිය යුතුය

  2. දැන් අනතුරු සාමාන්‍ය දේවල් වගෙයි says:

    රට ගිනිගෙන තියෙන හින්ද දැන් අනතුරු සාමාන්‍ය දේවල් වගෙයි දැනෙන්නේ.

Main News